රුසියාවට චීනයෙන් යුධමය සහ මූල්‍යමය සහය ලැබෙනවා

රුසියාව විසින් චීනයෙන් යුධමය සහය සහ මූල්‍යාධාර ඉල්ලා ඇතැයි අමෙරිකාව පවසනවා.අමෙරිකාවේ ප්‍රධාන පෙලේ පුවත්පත් රැසක්ම ඊට අදාළ වාර්තා පලකර ඇති බව සඳහන්.චීනය විසින් ඊට ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති බවටද වාර්තා පළවී තිබෙනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් චීනය හෝ රුසියාව විසින් මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නැහැ. යුක්රේනයට එරෙහිව සටන් වැදීම සඳහා යුධමය සහයත් / ආර්ථික සම්බාධකවලින් මිදීම සඳහා මූල්‍ය ආධාරත් රුසියාව විසින් චීනයෙන් මෙලෙස ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක සලිවන් සහ චීන විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියෙකු වන යැංග් ජීචි අතර සාකච්ඡාවක් අද ඉතාලියේ රෝම අගනුවරදී පැවැත්වීමට නියමිතයි.

යුක්රේන ගුවන් අවකාශයේ ගුවන් මුක්ත කලාපයක් ඇති කරන්නැයි යුක්රේන ජනාධිපති වොලොඩිම්ර් සෙලෙන්ස්කි නේටෝ සංවිධානයෙන් නැවතත් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් විශාල පිරිසක් මියයයන වාතාවරණයකදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව පාර්ලිමේන්තුවට කැඳවනවා
13:35
Video thumbnail
ජනාධිපතිතුමා වංචනිකයින්ට ගසාකන්න ඉඩ දීලා
12:12
Video thumbnail
L බෝඩ් කණ්ඩායමට රට දෙන්න එපා කියලා රනිල් එදාම කිව්වනේ
10:38
Video thumbnail
මුජිබුර්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් - මුදල් අමාත්‍යංශයේ ලේකම්ව අයින් කරන්න
05:29
Video thumbnail
මහා මංකොල්ලයට ජනාධිපති සෘජුව වගකිව යුතුයි
06:42
Video thumbnail
රු 1000කට අපි නැමෙන්නේ නෑ - අවංකව රාජකාරි කරන්නේ හරිද
02:39
Video thumbnail
අපිට චෝදනා කරන්න විපක්ෂයට මොකුත් නෑ
07:40
Video thumbnail
කථානායකකම පැත්තක තියලා දොස්තරකම අතට ගත්ත තුන්වැනි පුරවැසියා
01:39
Video thumbnail
ගෙයක් කොල්ලකාලා බඩු ටික බිරිඳටයි අනියම් බිරිඳටයි බෙදලා දීපු හිටපු ප්‍රා.සභා මන්ත්‍රීවරයා
01:26
Video thumbnail
බස් රථ තුනක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
01:02