spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවට චීනයෙන් යුධමය සහ මූල්‍යමය සහය ලැබෙනවා

රුසියාව විසින් චීනයෙන් යුධමය සහය සහ මූල්‍යාධාර ඉල්ලා ඇතැයි අමෙරිකාව පවසනවා.අමෙරිකාවේ ප්‍රධාන පෙලේ පුවත්පත් රැසක්ම ඊට අදාළ වාර්තා පලකර ඇති බව සඳහන්.චීනය විසින් ඊට ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති බවටද වාර්තා පළවී තිබෙනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් චීනය හෝ රුසියාව විසින් මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නැහැ. යුක්රේනයට එරෙහිව සටන් වැදීම සඳහා යුධමය සහයත් / ආර්ථික සම්බාධකවලින් මිදීම සඳහා මූල්‍ය ආධාරත් රුසියාව විසින් චීනයෙන් මෙලෙස ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක සලිවන් සහ චීන විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියෙකු වන යැංග් ජීචි අතර සාකච්ඡාවක් අද ඉතාලියේ රෝම අගනුවරදී පැවැත්වීමට නියමිතයි.

යුක්රේන ගුවන් අවකාශයේ ගුවන් මුක්ත කලාපයක් ඇති කරන්නැයි යුක්රේන ජනාධිපති වොලොඩිම්ර් සෙලෙන්ස්කි නේටෝ සංවිධානයෙන් නැවතත් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් විශාල පිරිසක් මියයයන වාතාවරණයකදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?