ඩීසල් පෝළිම් වල ඉන්න අයට සුබම සුබ පුවතක්

දැනට කොළඹ වරායේ පවතින ඩීසල් මෙටි්‍රක් ටොන් 38,300 ක් සහිත නෞකාවේ ඉන්ධන ගොඩබෑම අද සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

නෞකාවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ඊයේ දිනයේ තෙල් ගොඩබෑම සිදුකිරීමට හැකිවී නැහැ.

මෙම නෞකාව සඳහා අමරිකානු ඩොලර් මිලියන 52 ක මුදලක් මේ වනවිට ගෙවා තිබෙනවා.

ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් අමතර ඩොලර් මිලියන 16 ක මුදලක් ගෙවීමට රජයට සිදුව තිබුණා.

මේ අතර ඩීසල් සහ පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් අද දින මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කලා.

එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,000 ක් අන්තර්ගතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?