අනේ අපිව බේරා ගන්න, යුක්‍රේනයෙන් ඇසෙන මිනිසුන්ගේ ඉකිගසන හඬ

මේ වනවිට යුක්‍රේනයේ කා(ර්)කිව් නගරයට රුසියානු හමුදා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තිබේ.

එම නගරයේ සිරවී සිටින ඉන්දීය සිසුන්ට වහාම ඉවත්වන ලෙස ඉන්දීය රජය නිවේදනය කර තිබුණි.

වාර්ෂිකව අධ්‍යාපන කටයුතු සඳහා ලොව විවිධ රටවලින් විශාල පිරිසක් යුක්‍රේනයට පැමිණෙති.

එය සංඛ්‍යාවක් වශයෙන් 80,000කි.

ඉන් 20,000ක් ම ඉන්දියානුවන් ය.

ඔවුන්ගෙන් 12,000කට ආසන්න පිරිසක් නැවත ඉන්දියාවට යෑමට සමත් වී ඇති අතර තවත් විශාල පිරිසක් අතරමං වී සිටිති.

“කන් බිහිරි වෙන හඬකින් අපි එක වරම අවදි වුණා. විශාල පිපිරීමකින් අපේ ඇඳන් පවා සෙලවුණා. සම්පූර්ණ ගොඩනැගිල්ලම දෙදෙරුවා,” එසේ පැවසුවේ 22 හැවිරිදි සෞම්‍යා තෝමස් නම් ඉන්දීය සිසුවියකි.

මීට දින කිහිපයකට පෙර කා(ර්)කිව් නගරයෙන් ඉවත්වීමට ඇය ට වාසනාව ලැබුණි.

එම නගරයට සෙනසුරාදා සිට රුසියානු හමුදාව දිගින් දිගටම පහර දෙති. 

විදේශිකයින් ඇතුළු සාමාන්‍ය ජනතාව නගරයේ බංකර් වල සැඟවී සිටිති.

පසුගියදා ඉන්දීය වෛද්‍ය සිදුවෙකු මියගියේ එවැනි බංකරයකින් පිටතට පැමිණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට යන අතරතුරදී නගරයට එල්ල වූ ෂෙල් ප්‍රහාරයකිනි.

ඔහු සෞම්‍යා ගේ විශ්වවිද්‍යාල මිතුරෙකි.

“අපි නගරයේ බංකර්වල රැඳී සිටියේ ඉන්දීය රජය අපිව බේරාගැනීමට යමක් කරයි කියලා,” සෞම්‍යා පැවසුවාය.

“ඒ අතර අපේ මිතුරා මියගියා. එවිට මට හිතුනා: කවුරුවත් අපිව බේරා ගැනීමට එන්නේ නෑ කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?