අනේ අපිව බේරා ගන්න, යුක්‍රේනයෙන් ඇසෙන මිනිසුන්ගේ ඉකිගසන හඬ

මේ වනවිට යුක්‍රේනයේ කා(ර්)කිව් නගරයට රුසියානු හමුදා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තිබේ.

එම නගරයේ සිරවී සිටින ඉන්දීය සිසුන්ට වහාම ඉවත්වන ලෙස ඉන්දීය රජය නිවේදනය කර තිබුණි.

වාර්ෂිකව අධ්‍යාපන කටයුතු සඳහා ලොව විවිධ රටවලින් විශාල පිරිසක් යුක්‍රේනයට පැමිණෙති.

එය සංඛ්‍යාවක් වශයෙන් 80,000කි.

ඉන් 20,000ක් ම ඉන්දියානුවන් ය.

ඔවුන්ගෙන් 12,000කට ආසන්න පිරිසක් නැවත ඉන්දියාවට යෑමට සමත් වී ඇති අතර තවත් විශාල පිරිසක් අතරමං වී සිටිති.

“කන් බිහිරි වෙන හඬකින් අපි එක වරම අවදි වුණා. විශාල පිපිරීමකින් අපේ ඇඳන් පවා සෙලවුණා. සම්පූර්ණ ගොඩනැගිල්ලම දෙදෙරුවා,” එසේ පැවසුවේ 22 හැවිරිදි සෞම්‍යා තෝමස් නම් ඉන්දීය සිසුවියකි.

මීට දින කිහිපයකට පෙර කා(ර්)කිව් නගරයෙන් ඉවත්වීමට ඇය ට වාසනාව ලැබුණි.

එම නගරයට සෙනසුරාදා සිට රුසියානු හමුදාව දිගින් දිගටම පහර දෙති. 

විදේශිකයින් ඇතුළු සාමාන්‍ය ජනතාව නගරයේ බංකර් වල සැඟවී සිටිති.

පසුගියදා ඉන්දීය වෛද්‍ය සිදුවෙකු මියගියේ එවැනි බංකරයකින් පිටතට පැමිණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට යන අතරතුරදී නගරයට එල්ල වූ ෂෙල් ප්‍රහාරයකිනි.

ඔහු සෞම්‍යා ගේ විශ්වවිද්‍යාල මිතුරෙකි.

“අපි නගරයේ බංකර්වල රැඳී සිටියේ ඉන්දීය රජය අපිව බේරාගැනීමට යමක් කරයි කියලා,” සෞම්‍යා පැවසුවාය.

“ඒ අතර අපේ මිතුරා මියගියා. එවිට මට හිතුනා: කවුරුවත් අපිව බේරා ගැනීමට එන්නේ නෑ කියලා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23