රුසියා- යුක්‍රේන දෙවන වටයේ සාකච්ඡා

රුසියාව සහ යුක්‍රේනය අතර දෙවන වටයේ සාම සාකච්ඡා අද බෙලරුස්- පෝලන්ත දේශ සීමාවේ පිහිටි බෙලවුෂ්කයා පුෂ්චා හිදී පැවැත්වීමට නියමිතය.

රුසියානු පාර්ශ්වයේ නියෝජිතයන් මේ වන විට බෙලරුස් වෙත පැමිණ ඇති අතර යුක්‍රේන නියෝජිතයන් අද (03) පෙරවරුවේ එහි පැමිණීමට නියමිතව තිබේ.

දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් එම ස්ථානය සාකච්ඡා සඳහා තෝරාගෙන ඇති අතර යුක්‍රේන නියෝජිතයන්ට ආරක්ෂිතව එහි පැමිණීම සඳහා ආරක්ෂිත කොරිඩෝවක් නිර්මාණය කර දීමට රුසියානු හමුදා පියවර ගෙන ඇති බව සඳහන් ය.

සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ගැන අද හමුවේදී සාකච්ඡා කෙරෙනු ඇත.

කෙසේ වෙතත් දෙරට අතර තවදුරටත් දරුණු ගැටුම් ක්‍රියාත්මක වේ.

කාර්කිව් සහ කියුව් නගර වෙත රුසියානු හමුදා ප්‍රහාර එල්ල කරන අයුරු සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.

රුසියානු හමුදා, යුක්‍රේනයේ ඉර්පින් නගරය වෙතද ප්‍රහාර එල්ල කර තිබේ.

ප්‍රහාරවලින් ගොඩනැගිලි ඇතුළු දේපළ විනාශ වී තිබූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිගේ ආදාන පූජෝත්සවය සිදුකළ අයුරු - රථ පෙළපාලියකින් දේහය ගෙන ආ හැටි
01:35
Video thumbnail
"ලබන අවුරුද්දෙත් මාව බලන්න එන්න.. ලබන අවුරුද්දෙත් සිංදුවක් කියයි"
01:41
Video thumbnail
සුජාතාට - නන්දා හමුවූ හැටි හෙළිකරයි - මම අඳුරන්නේ කුඩා කාලයේ ඉදලා..මගේ හොඳ මිතුරියක්
01:36
Video thumbnail
88,89 හිර ගෙවල්වල හිටපු මිනිස්සුන්ට මුර දේවතාවියක් වගේ වුණා නන්දා මාලනිය..
00:52
Video thumbnail
චාමර ඇවිත් කිව්ව අමුතු කතාව - මාලනී මතක් වෙනකොට චන්ද්‍රිකා මෙතනින් ගියා
01:11
Video thumbnail
අපි අරගල කළේ එතුමියගේ සිංදුවලින් පන්නරයක් අරගෙන - රටට දැනෙන පාඩුවක් මේ
01:46
Video thumbnail
"සංගීතයේ අම්මා නැතිවුණා වගේ දැනෙන්නේ"මාලනී ගැන කලාකරුවන්ගේ මුවින් පිටවූ සංවේදී වදන්
04:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.21
08:03:22