රංගන ශිල්පිණිය අකිලා අමෙරිකානු හමුදාවට එක්වෙයි

සුරූපී රංගන ශිල්පිනියක් අමෙරිකා සන්නද්ධ හමුදාවට එක්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස අමෙරිකානු හමුදාවට එක්වීමට තීරණය කර ඇත්තේ දමිල චිත්‍රපට රංගන ශිල්පිණියක් වන අකිලා නාරායානන් බවය.

අමෙරිකානු හමුදාවේ නීති උපදේශකවරියක් ලෙස ඇය මෙලෙස සේවයට එක්ව තිබේ.

ජනප්‍රිය චිත්‍රපටයක් වූ ‘Kadampari’ හරහා ඇය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

මෙලෙස නීති උපදේශකවරියක් ලෙස ඇය ඇමෙරිකානු හමුදාවට එක්වුවද ඇයට මාස කිහිපයක් සටන් පුහුණුවක් ලැබීමට ද සිදුව ඇති බව වාර්තා වෙයි.

ඇමෙරිකාවේ පදිංචිව සිටින ඇය එරට සංගීත පාසලක් ද පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?