ජනපතිනියකගේ සිය වැටුප යුක්‍රේනයට ආධාර පිණිස පරිත්‍යාග කරයි 

යුක්‍රේන – රුසියා යුද්ධය ට අද (02) වනවිට සතියකි.

ඉන් යුක්‍රේන වැසියන් විශාල ගණනක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියි.

මේ අතර යුක්‍රේන වැසියන් වෙනුවෙන් ලොව නන් දෙසින් ආධාර ගලා එයි.

තායිවාන ජනාධිපතිනී සායි ඉන්ග් වෙන් පැවසුවේ තමාගේ මාසික වැටුප යුක්‍රේන ජනතාවට සහන සැපයීම සඳහා පරිත්‍යාග කරන බවය.

එසේම එරට උප ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද යුක්‍රේනය ට මානුෂික ආධාර සැපයීමට සිය මාසික වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?