කිව් නගරය රුසියාව අල්ලයි ද ?

රුසියානු ‍න්‍යෂ්ටික සබ්මැරීන ආක්ටික් සයුරට යාත්‍රා කරද්දී අන්තර් මහද්වීපික මිසයිල සයිබීරියාවේ ස්ථානගත කර ඇති බව වාර්තා වනවා.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් දිගින් දිගට ම විවේචනාත්මක පුවත් සහ තොරතුරු වාර්තා කළ රුසියානු ගුවන් විදුලි සේවාවක විකාශනය අත්හිටුවීමට රුසියානු බලධාරීන් තීරණය කර තිබෙනවා.

මෙම ගුවන්විදුලි සේවාවේ බලධාරීන් පවසන්නේ රුසියානු ආරක්ෂක අංශ නිලධාරීන් සහ රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ පෙළේ පුද්ගලයින්ගෙන් තමන්ට දිගින් දිගටම දැඩි බලපෑම් සහ තර්ජන එල්ල වූ බවයි.

කෙසේ වෙතත් ඊයේ යුක්රේනයේ කිව් අගනුවර රූපවාහිනි කුළුණට ප්‍රහාර එල්ල කිරීමත් සමග අදාළ රුසියානු ගුවන්විදුලි සේවාවේ විකාශන කටයුතු ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු න්‍යෂ්ටික සබ්මැරීන යුධ අභ්‍යාසයක් සඳහා පිටත් වී ඇති බව වාර්තා වනවා.

මෙම යුද අභ්‍යාස සඳහා රුසියාව සතු විශාලතම න්‍යෂ්ටික සබ්මැරීන එක් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සබ්මැරින් යාත්‍රා රුසියානු ආක්ටික් සාගර කලාපය කරා පිටත් ව ගොස් තිබෙනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, බැරන්ට් මුහුදු කලාපය හරහා ඔවුන් මෙම නාවික හමුදා අභ්‍යාසයට එක්වන බවයි.

මීට පෙර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඔහුගේ න්‍යෂ්ටික විශේෂ බලකාය සීරුවෙන් තැබීමට කටයුතු කළා.

මේත් සමගම සයිබීරියාවේ හිමෙන් වැසීගිය වනාන්තර කලාප තුළ රුසියානු අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල රැගත් හමුදා ඛණ්ඩ ස්ථානගත කරමින් සිටින බවයි රුසියානු ආරක්ෂක අංශ සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔවුන් මෙම ස්ථානගත කිරීම සිදු කර ඇත්තේ, කොතැන ද යන්න සම්බන්ධයෙන් කිසිදු හෙළිදරව්වක් සිදු කර නැහැ.

මේ අතර යුක්රේනයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, බොහෝ විට ඉදිරි දින දෙක තුළ දී යුක්රේනය අගනුවර වන කිව්හි පාලනය රුසියානු සන්නද්ධ හමුදා අත්පත් කරගනු ඇති බවට යි.

යුක්රේනයේ කිව් අගනුවර වැටලීමේ අරමුණෙන් දස දහස් ගණනක් රුසියානු සෙබළුන් සහ අවි ආයුධ රැගත් සැතපුම් හතළිහක් පමණ දිගු රිය පෙළක් මේ වන විටත් යුක්රේනයේ කිව් අග නගරය බලා ගමන් කරමින් සිටිනවා.

මේ අතර ඊයේ යුක්රේනයේ කිව් අග නගරයේ පිහිටා තිබූ යුක්‍රේන රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව යුක්රේන ආරක්ෂක අංශ වාර්තා කරනවා.

මෙම මිසයිල ප්‍රහාරය එල්ල වූයේ, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් යුක්‍රේනයේ යුද්ධ උපාය මාර්ගික වශයෙන් වැදගත් සහ ආරක්ෂක ස්ථානගත කිරීම්වලට ප්‍රහාර එල්ල කරන බව දැනුම් දී ටික වේලාවකට පසුව යි.

රුසියානු ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශ අවට සිටින සිවිල් ජනතාවට වහාම ඉවත්වන ලෙස දැනුම් දුන්නා.

නමුත් එම සිවිල් ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වීමට අවකාශයක් පවා නො දෙමින් මෙම ප්‍රහාර එල්ල කළ බවට යි චෝදනා එල්ල වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23