ඇමරිකානු පුරවැසියන්ට බරපතළ නිවේදනයක් 

හැකි වහා ම රුසියාවෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මේ වන විට රුසියානු ගුවන් සේවාවන්ට ලොව බොහෝ රටවල් සිය ගුවන් සීමාවට ඇතුළු වීම තහනම් කර තිබීම හේතුවෙන් ඉදිරියේ දී රුසියාවෙන් පිටතට යාම අතිශය දුෂ්කර කරුණක් විය හැකියි බවයි.

ඒ හේතුවෙන් මේ වන විටත් ක්‍රියාත්මක වන වාණිජ ගුවන් සේවාවන් භාවිත කරමින් වහා ම ඒ රටින් පිටවීමට අවකාශ සලසා ගන්නා ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රුසියාවේ රැඳී සිටින එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

“පවතින වාණිජ විකල්ප ගුවන් සේවාවන් හරහා වහා ම රුසියාවෙන් පිටවීම ගැන සලකා බැලිය යුතුය,” යනුවෙන් මොස්කව්හි එක්සත් ජනපද තානාපති කාර්යාල වෙබ් අඩවියේ පෙබරවාරි 27 දින ආරක්ෂක අනතුරු ඇඟවීමේ සටහන් කර තිබුණා.

එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, “එක්සත් ජනපද රජයේ ආධාර මත රඳා නො පවතින හදිසි සැලැස්මක්” ලෙස සලකා රටින් පිට ව යෑමට සැලසුම් කළ යුතු බව යි.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රුසියාව සඳහා එහි සංචාරක උපදේශනය තබා ඇත්තේ, “4 වැනි මට්ටමේ සංචාරය නො කරන්න” යන දැඩි අවවාදාත්මක තත්ත්වයේ යි.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපීය රාජ්‍යයකට එල්ල කරන ලද විශාලතම ප්‍රහාරය වන රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ම එක්සත් ජනපද හා යුරෝපීය රජයන් රුසියානු බැංකු සහ මූල්‍ය ආයතනවලට සම්බාධක පැනවීමට කටයුතු කළා.

මේ සමඟ ම මෙම ආක්‍රමණය මේ වන විට බටහිර ජාතිකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බවටත් තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23