රුසියානු හමුදාවේ 800 ක් මියයති

යුක්රේනයේ අගනුවර වන කියෙව් නගර සීමාවට රුසියානු හමුදා ඊයේ (25 දා) ඇතුළු වූ බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එම නිවේදනය නිකුත් කර සුළු මොහොතකට පසු රුසියානු හමුදාව කියෙව් නගරය වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ.

ඒ සමගම නගරයේ ජනතාව විශාල පිරිස් නගරය අත්හැර දමා යන්නට පියවර ගෙන තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රුසියානු හමුදා පෙරේදා (24 දා) යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අත්පත් කර ගැනීමෙන් පසු අගනුවර වන කියෙව් වෙත ගමන් අරඹා තිබිණි.

කියෙව් නගරය බලා රුසියානු හමුදා පැමිණි ගමනේදී රුසියානු හමුදාවේ 800 ක් මරණයට පත්වූ බවත් යුද ටැංකි 30 ක්, සන්නද්ධ රථ 130 ක්, ප‍්‍රහාරක හෙලිකොප්ටර් 06 ක් සහ යුද ගුවන් යානා 07 ක් විනාශ කළ බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රුසියානු විදේශ ඇමැති සර්ගෙයි ලැව්රොව් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත්තේ යුක්රේනය නාසින්ගෙන් නිදහස් කරගන්නා බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18