යුක්රේනයේ නවතම තත්ත්වය : දෙපාර්ශවයටම බරපතල හානියි

යුක්රේනයට එරෙහිව යුද්ධය ආරම්භ කරමින් රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුමක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් සිය දෙනෙකුට වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යුක්රේනය ප්‍රකාශ කළේ තම සෙබළුන් 40 දෙනෙකු සහ සිවිල් වැසියන් 10 දෙනෙකු රුසියානු ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එසේම, තම හමුදා භටයින් රුසියානු සෙබළුන් 50 දෙනෙකු ඝාතනය කළ බවද යුක්රේනය ප්‍රකාශ කළා.

රුසියානු ගුවන් හමුදා යානා 05ක්, හෙලිකොප්ටර් යානයක් සහ යුද ටැංකි 04ක් විනාශ කළ බව යුක්රේන හමුදාව නිවේදනය කළා.

කෙසේ වෙතත්, රුසියාව සඳහන් කළේ තම ප්‍රහාරවලින් යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය සහ ගුවන් හමුදා කඳවුරු විනාශ කළ බවයි.

මේ වනවිට යුක්රේන ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එරට වැසියන්ට ආයුධ ලබාදීම ආරම්භ කර තිබෙනවා. හැකිතරම් රුධිරය පරිත්‍යාග කරන ලෙසයි ජනාධිපතිවරයා යුක්රේන වැසියන්ට දැනුම් දුන්නේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් නේටෝ සමුළුවක් කැඳවන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලීමක් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23