විවාහ විසි හතක් කරගත් හොර වෙදා

සුරූපී කාන්තාවන් 27ක් රවටා ඔවුන් සමඟ විවාහ වූ ඉන්දීය ජාතිකයෙකු පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වූ විශාලතම විවාහ වංචාව මෙය බවය.

මෙම සැකකරු එරට බලධාරීන් විසින් මේ වනවිට සොයාගෙන ඇති අතර ඔහු 66 හැවිරිදි වියේ පසුවෙයි.

මොහු සමඟ විවාහ වූ කාන්තාවන් අතර ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියන් දෙදෙනෙක්, පොලිස් නිලධාරිනියක්, ගුරුවරියක් සහ වෛද්‍යවරියක් ද සිටින බව අනාවරණය වී තිබේ.

මේ වනවිට සිදුකර ඇති විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරු විශාල වැටුපක් ලබන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට ඇති බවය.

විටෙක මෙම සැකකරු එම පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙසට ද ව්‍යාජ ලෙස පෙනී සිට ඇති බව වාර්තා වෙයි.

රට පුරා සැරිසරමින් මෙලෙස කාන්තාවන් රැවටීමට ලක්කර ඇති සැකකරු ඒ සඳහා ව්‍යාජ ලෙස සකස් කරන ලද සහතික පත්‍ර යොදාගෙන ඇත.

මේ අතර සැකකරුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඔහු ව්‍යාජ විවාහ 27ට අමතරව තවත් කාන්තාවන් 60ත් 70ත් අතර ප්‍රමාණයක් ඇසුරු කර ඇති බවය.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරු මෙම වංචාව මුදල් ඉපැයීමට සහ ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා සිදුකර ඇති බවටය.

සැකකරු බලධාරීන් සොයාගන්නා අවස්ථාව වන විටත් එළඹෙන මාර්තු මාසයේ විවාහයන් දෙකක් සැලසුම්කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.

එසේම සැකකරු ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 128ක් භාවිත කර ඇති බවද හෙළිවී තිබේ.

සැකකරු මෙලෙස රැවටීමට ලක්කර ඇති සියලුම කාන්තාවන් වයස අවුරුදු 40 සීමාවේ සිටින අතර ඔවුන්, සිය ස්වාමියා මියගිය හෝ දික්කසාද වූ කාන්තාවන් බවද හෙළිවී ඇත.

නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ කුඩා ගම්මානයක උපත ලබා ඇති සැකකරු 1978 දී ප්‍රථමවරට විවාහ වී ඇති අතර එම විවාහයෙන් ඔහුට දරුවන් තිදෙනෙකුද සිටී.

ඉන් දරුවන් දෙදෙනෙක් වෛද්‍යවරුන් වන බවත් අනෙක් දරුවා දන්ත වෛද්‍යවරයෙක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ටික කලකට පසුව සිය පවුල හැරයන සැකකරු විද්‍යාගාර කාර්මික ශිල්පියෙකු ලෙස පුහුණුව ලබා බුබනේෂ්වර් වෙත පැමිණ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට ඇත.

ඒ අනුව 2002 වසරේදී සැකකරු සිය දෙවන විවාහය සිදුකරනු ලබන්නේ වෛද්‍යවරියක් සමඟය.

මෙලෙස පෙනී සිට ඇති සැකකරු ඉන්දියාවේ ප්‍රාන්ත 10කට පමණ ගොස් කාන්තාවන් 27 දෙනෙකු පමණ විවාහ කරගනිමින් වංචා කර ඇති මුදල ඉන්දීය රුපියල් මිලියන 10කට ආසන්න බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23