චමුදිතගේ නිවසේ සිද්ධිය සම්බන්ධව හදිස්සියේ පුෂ්පිකා පොලිසියට කැඳවයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කිරුළ අහිමි වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිළියන්දල පොලිසිය වෙත කැඳවා තිබේ.

ගොසිප් ලංකා නිව්ස් අප කල විමසුමකදී පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, හෙට (පෙබ. 23) පෙ.ව. 10.00ට පොලිසිය හමුවට පැමිණෙන ලෙස ඇයට දන්වා ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇය දන්නා තොරතුරු ඇතොත් එහිදී ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරට ත් පැවසීය. 

මෙහිදි අප පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් මේ පිළිබද විමසුවිට ඇය පැවසුමේ මේ සමබන්දව මෙතෙක් ඇය දැනුවත් නැති බවයි.

හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ම, චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවනු ලබන යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකට පසුගිය දා සහභාගී වී තිබුණු අතර එහිදී ඇය ඇතැම් ආන්දෝලනාත්මක කරුණු ඉදිරිපත් කර තිබුණු බවට සමාජ මාධ්‍යවල අදහස් පළ විය.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපේ ජන බල පක්ෂයේ සභාපති සමන්ත ප්‍රසන්න පෙරේරා මහතා ද පෙබ. 18 වන දා පිළියන්දල පොලිසියට කැඳවා තිබිණි.

මාධ්‍යවේදී චමුදිත මහතා පදිංචි පිළියන්දල පිහිටි නිවසට පෙබරවාරි 14 වන දා අලුයම ගල් සහ අසූචි ප්‍රහාර එල්ල කර තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23