AFC Banner
Empty Ad
Empty Ad

රටවල් තුනකින් භාන්ඩ ආනයනය කිරීමට විකල්ප සොයයි

ආනයනය සඳහා විකල්ප ක්‍රමවේද හඳුනාගැනීම සඳහා රටවල් 3ක් සමග සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය අනුකමිටු 3ක් පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අපනයනාභිමුඛ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය හා කාර්මික භාණ්ඩ ආනයනයට අවශ්‍ය විකල්ප ක්‍රමවේද හඳුනාගැනීමට නියමිතය.

ඒ අනුව රටවල් තුනක් සඳහා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අමාත්‍ය අනුකමිටු පත්කර ඇත.

මහජන චීන සමූහාණ්ඩුවේ රජය සමග සාකච්ඡා කිරීමට විදේශ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව, වෙළෙඳ අමාත්‍ය, කර්මාන්ත අමාත්‍ය හා වැවිලි අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් එක් අනුකමිටුවක් පත්කර තිබේ.

ජපන් රජය සමග සාකච්ඡා කිරීමට විදේශ අමාත්‍යවරයාගේ සභාපතීත්තවයෙන් යුතුව, සෞඛ්‍ය අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය හා මහාමාර්ග අමාත්‍යවරයාගෙන් යුත් අනුකමිටුවක් පත්කර තිබේ.

එමෙන්ම මැදපෙරදිග රාජ්‍යයන් සමග සාකච්ඡා කිරීමට විදේශ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව, තරුණ හා ක්‍රීඩා සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය හා අධිකරණ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අනුකමිටුවක් පත්කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?