AFC Banner
Empty Ad
Empty Ad

වන අලින්ට හිරිහැර කරන පුද්ගලයින්ට මහේලගෙන් සැර කතාවක්

මහා මාර්ග අසලට පැමිණ සිටින වන අලින්ට රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් විසින් විවිධ හිරිහැර සිදුකර ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියා.

ඒ අනුව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය මේ වනවිය ඒ දෙසට යොමු වී තිබෙනවා.

එලෙස රියදුරෙකු විසින් වන අලියෙකුට හිරිහැර කරන ආකාරය දැක්වෙන, සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එහිදී මහේල පවසා ඇත්තේ “මෙය ශ්‍රී ලංකාවේ සිදු වූ පළමු අවස්ථාව නොවේ. මෙවැනි හැසිරීම නතර කිරීමට කාලයයි, එම සතුන්ට සාමකාමීව ජීවත් වීමට ඉඩ දෙන්න” ලෙසටයි.

වන අලින්ට හිරිහැර කරන පුද්ගලයින්ට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?