කැලණිතිස්ස යළි නවතියි

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 280 ක ධාරිතාවක් එක් කරන කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු ඊයේ (03) සිට යළි අක්‍රීය වී තිබෙනවා.

බලාගාර සංකීර්ණයේ එක් බලාගාරයකින් මෙගාවොට් 165 විදුලි ධාරිතාවක් සහ අනෙක් බලාගාරයෙන් මෙගාවොට් 115 ධාරිතාවක් නිපදවනු ලබනවා.

ඊයේ රාත්‍රියේ ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක උපරිමයක් දක්වා ළඟා වනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කළ ද එය දැක්වුණේ, මෙගාවොට් 2418ක් ලෙසයි.

ඉන් සියයට 64ක් තාප විදුලි බලාගාරවලින් ද සියයට 32ක් ජල විදුලි බලාගාරවලින් සහ සියයට 4ක් සුළං, සූර්ය බලය හා ජෛව ස්කන්ධ යන පුනර්ජනීය බලක්ති ප්‍රභවයන්ගෙන් සම්පූර්ණ කර තිබුණා.

මේ අතර ඉන්ධන නොමැති වීම හේතුවෙන් අක්‍රීය වී තිබූ සපුගස්කන්ද බලාගාරවලට සහ කොළඹ වරායේ බත්තල බලාගාරයට අවශ්‍ය ඉන්ධන සැපයීමේ මේ වනවිට කටයුතු සිදුකෙරුණා.

ඊට අමතරව ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 130ක විදුලිය ප්‍රමාණයක් එක් කරන කැලණිතිස්ස සොජිස්ට් බලාගාරයේ නඩත්තු කටයුතු අද දිනය වනවිට අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රීයව පැවති ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ සිට පූර්ණ ධාරිතාවයෙන් ජනන කටයුතු සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

පසුගිය දෙසැම්බර් 3 වැනිදා අක්‍රිය වූ නොරොච්චෝලේ ගල් අඟු‍රු බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය ජනවාරි 31 වැනිදා ජාතික පද්ධතියට එක්කිරීමෙන් පසු යළි අක්‍රීය කෙරුණේ නඩත්තු කටයුත්තක් සඳහායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54