AFC Banner
Empty Ad
Empty Ad

මුදල් ඇමතිගෙන් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ජාවක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළු කඩ ඩොලර් යොදා ගනිමින් සිදු කරන ලද මිලදී ගැනීම් කිහිපයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබෙනවා.

දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ සිවිල් යුද්ධය උග්‍ර වූ සමයේ උන්ඩියල් ක්‍රමයෙන් ලබාගත් මුදල්වලින් ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමට මෙන්ම ඉන්ධන සඳහා මුදල් ගෙවීම සඳහා ඩොලර් ලබා ගනු ලැබූ බවයි.

යුද්ධය පැවති සමයේ ඉන්ධන තොග සඳහා ගෙවීමට රටට ඩොලර් අවශ්‍ය වූ බව සඳහන් කළ මුදල් අමාත්‍යවරයා, තමන් අනෙකුත් නිලධාරීන් සමඟ කොළඹ පිටකොටුව ව්‍යාපාරික ප්‍රදේශයට පැමිණ ඩොලර් ලබා ගැනීම සඳහා වෙළෙඳුන් සමඟ සාකච්ඡා කළ බවට එම සම්මුඛ සාකච්ජාවේදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ක්ෂය වෙමින් පවතින අවස්ථාවක රටට අත්‍යවශ්‍ය ඩොලර් ගෙන ඒම සඳහා උන්ඩියල් සහ හාවාලා ක්‍රමය යොදා ගැනීම සාධාරණ බව පැවසූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැන් එම ක්‍රමය බිඩ් කොයින් ලෙස හඳුන්වන මුල්‍ය ඒකකය මෙන් ඇතැම් රටවල් පිළිගෙන ඇති බවට ද ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?