මුදල් ඇමතිගෙන් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ජාවක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළු කඩ ඩොලර් යොදා ගනිමින් සිදු කරන ලද මිලදී ගැනීම් කිහිපයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබෙනවා.

දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ සිවිල් යුද්ධය උග්‍ර වූ සමයේ උන්ඩියල් ක්‍රමයෙන් ලබාගත් මුදල්වලින් ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමට මෙන්ම ඉන්ධන සඳහා මුදල් ගෙවීම සඳහා ඩොලර් ලබා ගනු ලැබූ බවයි.

යුද්ධය පැවති සමයේ ඉන්ධන තොග සඳහා ගෙවීමට රටට ඩොලර් අවශ්‍ය වූ බව සඳහන් කළ මුදල් අමාත්‍යවරයා, තමන් අනෙකුත් නිලධාරීන් සමඟ කොළඹ පිටකොටුව ව්‍යාපාරික ප්‍රදේශයට පැමිණ ඩොලර් ලබා ගැනීම සඳහා වෙළෙඳුන් සමඟ සාකච්ඡා කළ බවට එම සම්මුඛ සාකච්ජාවේදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ක්ෂය වෙමින් පවතින අවස්ථාවක රටට අත්‍යවශ්‍ය ඩොලර් ගෙන ඒම සඳහා උන්ඩියල් සහ හාවාලා ක්‍රමය යොදා ගැනීම සාධාරණ බව පැවසූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැන් එම ක්‍රමය බිඩ් කොයින් ලෙස හඳුන්වන මුල්‍ය ඒකකය මෙන් ඇතැම් රටවල් පිළිගෙන ඇති බවට ද ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14