AFC Banner
Empty Ad
Empty Ad

ඔබේ දරුවාගේ මේ රෝග ලක්ෂණ ගැන වැඩි අවදානයෙන් සිටින්න

රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති කොවිඩ් වෛරසය ආසාදිත ඇතැම් ළමුන්ට ඩෙංගු රෝගය ද වැළඳී ඇතැයි එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මේ වන විට රෝහල තුළ කොරෝනා ආසාදිත ළමුන් 55 දෙනෙකු පමණ සිටින බවත් ඩෙංගු රෝගය වැළඳුණු දරුවන් 20 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ඔහු පැවසුවේ.

මෙම ළමුන් අතරින් දින තුනකට වඩා උණ රෝග ලක්ෂණ සහිත ළමුන් වේ නම් ඔවුන් පූර්ණ රුධිර පරීක්ෂණයකට භාජනය කරන බවත් දින තුනකට වඩා උණ රෝග ලක්ෂණ පවතී නම් එය කොවිඩ්-19 රෝගය මෙන් ම ඩෙංගු රෝගය ද විය හැකි බව ඔහු සඳහන් කළේ.

ඩෙංගු රෝගයේදී ඩෙංගු රක්තපාත සහ කම්පන තත්ත්වයන්ට ද පත් වන බැවින් එවැනි තත්ත්වයකට පත් වුවහොත් එය බැරෑරුම් විය හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?