හිටි හැටියේ යානයක් මුහුදට කඩා වැටෙයි

දකුණු චීන මුහුදට කඩා වැටුණු එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් වෙත චීන ජාතිකයින් ළඟා වීමට පෙර ළඟා වීමට සහ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

දකුණු චීන මුහුදේදී කඩා වැටුණු මෙම යානය ඇමරිකන් ඩොලර් මිලියන 100 (ඩොලර් මිලියන 74) පමණ වටිනාකමකින් යුක්ත බවයි පැවසෙන්නේ.

මෙය ඇමෙරිකන් නාවික හමුදාවට අයත්, අති නවීන තාක්ෂනයෙන් නිපදවා ඇති ‘එෆ්.35සී’ වර්ගයේ ප්‍රහාරක යානයක් .

මෙම ජෙට් යානය නාවික හමුදාවේ නවතම යානය වන අතර එය වර්ගීකරණය කරන ලද උපකරණ වලින් පිරී තිබෙන බවද සඳහන් වනවා.

ඇමෙරිකානු නාවික හමුදාව පවසන්නේ චීනය මෙම සිදුවීම ගැන දැනගත් සැණින්, ‘එෆ්.35සී’ යානය සොයා ගැනීමටත්, එහි රහස් අනාවරණය කර ගැනීමටත් උත්සාහ දරමින් සිටින බවයි.

යානය සොයා චීනයට කලින් ඇමෙරිකාව මෛහයුම් ආරම්භ කර ඇත්තේ මේ නිසා බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

‘එෆ්.35සී’ යානය, ඇමෙරිකන් නාවික හමුදාවට අයත්, ප්‍රහාරක යානා රැගෙන යාත්‍රා කරන යූ.එස්.එස්. කර්නල් වින්සන් නෞකාවට අයත් එකක් බවයි පැවසෙන්නේ

යානය නෞකාවේ සිට පියාසර කිරීමට සූදානම් වෙද්දී එය අනතුරට පත්වුණු බවත්, මුහුදට වැටුණු බවත් සඳහන්

ජෙට් යානය කඩා වැටීමෙන් නාවිකයින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා .

ජෙට් යානය  වැටුණේ කොතැනකටද යන්න හෝ එය ගොඩගැනීමට කොපමණ කාලයක් ගතවේද යන්න නාවික හමුදාව තහවුරු කරන්නේ නැහැ

චීනය මුළු දකුණු චීන මුහුදටම පාහේ හිමිකම් කියන අතර මෑත වසරවලදී එම හිමිකම් ප්‍රකාශ කිරීමට වැඩි වැඩියෙන් පියවර ගැනුණා.

එයට නීතිමය පදනමක් නොමැති බව පවසමින් 2016 ජාත්‍යන්තර අධිකරණ තීන්දුවක් මෙය පිළිගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23