රත්ත්‍රන් පොදී ගන්න හැදු සභාපති ගැන ඇමති කියයි

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක සභාපතිවරයෙකු අල්ලස් ලෙස “රත්‍රන් පොදි” ලබා ගැනීමට සූදානම් වීමක් පිළිබඳ වාර්තා වී ඇති බවත්, ඒ අනුව එවැනි නිලධාරීන් තරාතිරම නොබලා තනතුරුවලින් ඉවත් කිරීමට තමන් ඉදිරියේදී කටයුතු කරන බවත් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියේ.

හෙතෙම පෙන්වා දුන්නේ, ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආයතන සභාපතිවරුන්ද විෂය භාර අමාත්‍යවරුන් සමග සහයෝගයෙන් රාජකාරී සිදුකිරීමට අකමැත්ත පළ කරන බවයි.

එසේම ඉන් බහුතරයක් අලසව හා අකාර්යක්‍ෂමව කටයුතු කරන බැවින් ආයතනවල අපේක්‍ෂිත ඵලදායීතාව ළඟා කර ගැනීමට නොහැකි වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව එවැනි සභාපතිවරුන් හා නිලධාරීන් පරිසර අමාත්‍යාංශය තුළද සිටින බවට තමන් නිරීක්‍ෂණය කර ඇති බැවින් ඉදිරියේදී ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට තමන් “දෙවතාවක්” නොසිතන බවද අමරවීර මහතා අවධාරණය කළේ.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ, “දැවිතෙල් බලපත්‍ර” නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ ඉහළ නිලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබඳ තමන් දැඩි ලෙස විශේෂ අවධානයක් යොමු කරමින් සිටින බවයි.

මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය සහ ඊට අනුබද්ධ තාක්‍ෂණ ආයතනය යනාදිය පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?