රත්ත්‍රන් පොදී ගන්න හැදු සභාපති ගැන ඇමති කියයි

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක සභාපතිවරයෙකු අල්ලස් ලෙස “රත්‍රන් පොදි” ලබා ගැනීමට සූදානම් වීමක් පිළිබඳ වාර්තා වී ඇති බවත්, ඒ අනුව එවැනි නිලධාරීන් තරාතිරම නොබලා තනතුරුවලින් ඉවත් කිරීමට තමන් ඉදිරියේදී කටයුතු කරන බවත් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියේ.

හෙතෙම පෙන්වා දුන්නේ, ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආයතන සභාපතිවරුන්ද විෂය භාර අමාත්‍යවරුන් සමග සහයෝගයෙන් රාජකාරී සිදුකිරීමට අකමැත්ත පළ කරන බවයි.

එසේම ඉන් බහුතරයක් අලසව හා අකාර්යක්‍ෂමව කටයුතු කරන බැවින් ආයතනවල අපේක්‍ෂිත ඵලදායීතාව ළඟා කර ගැනීමට නොහැකි වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව එවැනි සභාපතිවරුන් හා නිලධාරීන් පරිසර අමාත්‍යාංශය තුළද සිටින බවට තමන් නිරීක්‍ෂණය කර ඇති බැවින් ඉදිරියේදී ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට තමන් “දෙවතාවක්” නොසිතන බවද අමරවීර මහතා අවධාරණය කළේ.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ, “දැවිතෙල් බලපත්‍ර” නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ ඉහළ නිලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබඳ තමන් දැඩි ලෙස විශේෂ අවධානයක් යොමු කරමින් සිටින බවයි.

මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය සහ ඊට අනුබද්ධ තාක්‍ෂණ ආයතනය යනාදිය පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40