පුෂ්පිකා අනාගත් පට්ටම් හුටපටේ අලුත් කතාව

පුෂ්පිකා ද සිල්වා ගැන පළමුවරට ජනතාව කතා කිරීමට පටන් ගත්තේ පසුගිය වසරේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේදීය. ඒ ඇය විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳීමෙන් මිනිත්තු කිහිපයකට පසුව සභාවේ සිටි අයෙකු ඇය විවාහක වුවද දැන් දික්කසාද වී ඇති බව දැනුම් දීමත් සමග තරගයේ තීරණය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලූවක් නිසාය. පසුව තීරක ලෝක රූ රැජින කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ ඇය වෙතින් ගලවා අනුශූරතාව ලබාගත් තැනැත්තියට පැළඳ වූවාය. එහෙත් පැය කිහිපයක් ගතවන්නටත් මත්තෙන් යළිත් කිරුළ ඇයට හිමි විය.

 
මෙම ආන්දෝලනාත්මක කිරුළ සිද්ධියෙන් පසු පුෂ්පිකා ද සිල්වා ගැන මෙරට පමණක් නොව විදෙස් රටවල ද කතාබහට ලක්විය. ඉන්පසු ඇය මෙරට ජනප්‍රිය චරිතයක් බවට පත් වූවාය. එලෙස මාස කීපයක් ගත වෙද්දී යළිත් ඇය ගැන සමාජය තුළ දැඩි කතාබහක් ඇති විය. ඒ බමන මතින් සිටි රාජ්‍ය අමාත්‍යවරයෙකු සමග රාත්‍රි කාලයේ වැලිකඩ බන්ධනාගාරයේ එල්ලූම්ගස බැලීමට යෑමත් සමගයි. පසුව එය මෙරට තවත් එක් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් විය. කාලයත් සමඟ එම සිද්ධිය ද යටපත් විය. පුෂ්පිකා ද සිල්වා යන නම ද ජනතාවට අමතක වෙමින් තිබුණි.
 
එයින් මාස කීපයකට පසු යළිත් වරක් ඇයගේ නම කරළියට පැමිණියාය. ඒ වෙන කිසිවක් නිසා නොව මෙවර ඇමරිකාවේ පැවති විවාහක ලෝක රූ රැජින තරගයට සහභාගි වීමත් සමගයි. එම තරගයට සහභාගි වූ පුෂ්පිකා ද සිල්වා තමා එම විවාහක රූ රැජින තරගයෙන් සිව්වැනි ස්ථානය ලබා ගත් බව පවසා ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබමින් තිබුණාය.
 
‘‘මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිනියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, ‘‘හතරවෙනි ස්ථානය” ලබාගන්නට සමත් වුණෙමි. තරගය ජයග්‍රහණය කළ පළමු, දෙවන, සහ තෙවන ස්ථාන ලබාගත් විවාහක රූ රැජිනියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි.”
 
‘‘එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන් මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුළු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි.”ඇය තමන්ගේ ජයග්‍රහණය පිළිබඳ මෙලෙස සටහන් තබද්දී බහුතරයක් දෙනා පැවසුවේ එය පට්ටපල් බොරුවක් බවයි. 
 
එයට ප්‍රධානම හේතුව වශයෙන් පවසා තිබුණේ මෙම විවාහක රූ රැජින තරගාවලියේ සිව් වැනි ස්ථානයක් තෝරා නොමැති බවයි. ඒ පිළිබඳව අප කළ සොයා බැලීමකදී හෙළිවූයේ මෙම තරගාවලියේ සිව්වැනි ස්ථානයක් ප්‍රකාශයට පත් නොකර ඇති බවයි. එවන් පසුබිමක පුෂ්පිකා ද සිල්වා තමන් සිව්වෙනි ස්ථානය හිමිකර ගත්තා යැයි පැවසුවේ කිනම් කරුණක් අරබයා ද යන්න අපට පැහැදිලි නැත.
 
මෙවර ඇමරිකාවේ පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සිව්වැනි ස්ථානය හිමිකර ගත්තා යැයි කියන පුෂ්පිකා ද සිල්වා එම තරගාවලියට සහභාගි වීමට පෙර හිටපු විවාහක රූ රැජිනියක් සමඟ සිදු කළ සංවාදයක හඬ පටයක් එළියට පැමිණ තිබේ.
 
එම හඬපටියට අනුව ඇය විසින් පුෂ්පිකා ද සිල්වාට ‘‘තමන් තරගයේ සිව්වැනි ස්ථානය ලබාගත් බවත්, එම ජයග්‍රහණයෙන් පසු හැසිරිය යුතු ආකාරය පිළිබඳව සහ ස්තුතිය පළ කළ යුතු අය සහ ඔවුුන්ගේ නම් ආදිය පිළිබඳ” දීර්ඝ විස්තරයක් කිරීමට උපදෙස් ලබා දෙයි. ඇය තරගයෙන් පසු තම ෆේස් බුක් ගිණුමේ සටහන තබා තිබෙන්නේද එම උපදෙස් මත පදනම් වූ තොරතුරුය.

 
තරගාවලියට සහභාගි වීමටත් පෙර මෙවැනි දෙයක් ඇය විසින් පුෂ්පිකා ද සිල්වාට පැවසුවේ ඇයිද යන්න පිළිබඳව මතුවන්නේ ගැටලූවකි. එහෙත් සරලව මෙම සිද්ධිය දෙස බැලූවහොත් අපට සිතා ගැනීමට හැකිවන්නේ එක දෙයකි. එනම් මොවුන් එකතුවී සිව්වැනි ස්ථානය පිළිබඳව ගසා ඇත්තේ තනිකර ගේමක් බවයි. එයින් යළිත් වරක් ජනතාව ඉදිරියේ නම කැත කරගත්තේ පුෂ්පිකා ද සිල්වාය.

ගයාන් සමරසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05