මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මාලදිවයින් අටොලුවල සංචාරයකට පෙර ඊයේ රාත්‍රියේ තමා ලබා ගත් කොරෝනා පරීක්ෂණයකදී ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනු බවයි.
කෙසේ නමුත්, තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් මාලදිවයිනේ නව කොරෝනා රැල්ලක් පැතිරෙනවා.
විශේෂයෙන් මාලේ අගනුවර ආශ්‍රිත කොරෝනා පරීක්ෂණවලදී ආසාදිතයෙකු වීමේ ප්‍රතිශතය මේ වනවිට සියයට 21 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




