AFC Banner
AFC Banner
Empty Ad

ජනාධිපති මාධ්‍ය ප්‍රධානියා සුදේව හෙට්ටිආරච්චි සදාචාර සම්පන්නද ?

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ධුරය දරන සුදේව හෙට්ටිආරච්චි සම්බන්ධයෙන් මුහුණුපොතේ සටහනක් හුවමාරු වෙමින් තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඔහු ඡායාරූප ශිල්පියෙකුට කළ බැන වැදීමක් සම්බන්ධයෙනුයි..

එම සටහන පහතින්…

ජනාධිපති මාධ්‍ය ප්‍රධානියා සුදේව හෙට්ටිආරච්චි සදාචාර සම්පන්නද ?

ජනාධිපති තුමාට ඉතාම හිතවත් කීප දෙනෙකුගේ ආනුභාවයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත්වූ සුදේව හෙට්ටිආරච්චි අප සහෝදර ඡායාරූප ශිල්පියෙකු වන Sagara Lakmal de Mel මහතාට සදාචාර සම්පන්න නොවන ආකාරයට බැනවැදීම තරයේ හෙලා දකිමු.

දේශපාලනිකව මාධ්‍ය ප්‍රධානියා සුදේව වුවද සුදේව ට වඩා බොහෝ අත්දැකීම් සාගර ලක්මාල්ට ඇති බව අපි බොහෝ දෙනා දනිමු.

රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂක වරයෙක් වශයෙන් බොහෝ කාලයක් සේවය කළ සාගර ලක්මාල් ඉන් සමුගත්තේ ඔහුගේම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම උදෙසායි.

ඉතාමත් සදාචාර සම්පන්න ගුණයහපත් මහත්මයෙක් වන සාගර ලක්මාල් මා හඳුනන්නේ මීට වසර 15 කට පමණ පෙර සිටය.

ඉතාමත්ම නිහතමානි මහත්මා ගති ගුණයන්ගෙන් හෙබි ඔහු ගැන අටුවා ටීකා කීමට අවශ්‍ය නැත. කිසිවකුගේ සිත් රිදවීමට බොහෝ අකමැති ඔහු හැම තිස්සේම සිටින්නේ සිනාමුසු මුහුණකිනි.
සුදේව වැඩ බැරි ටාසන් කෙනෙකු බව මුළු ජාතියටම හඬගා කීවේ අනුරාධපුරයේ පැවති ජනාධිපති තුමාගේ කතාව සජීවීව විකාශය කළ හැටියෙන් මය.

රටේ මුල් පුරවැසියාගේ කතාව යන අතරතුර වඳුරන් ද රිලවුන් ද එතුමාගේ රූපරාමු තුල නටන හැටි අපි හොඳින් දුටුවෙමු.

රටේ ප්‍රධානියා ජාතිය අමතා කරන කතාව අභිමානයෙන් යුතුව කළ යුතු එකකි. එකී අභිමානය ජාතියක් ඉදිරියේම කෙලෙසීම සම්බන්ධයෙන් සුදේව වගකීම භාර ගත යුතුය.

ඔහු වැඩ කළ බොහෝ තැන් වල සේවකයන් හා ගැටුම් ඇති කර ගත් බව අපි බොහෝ දෙනා දනිමු. අන්තර්ජාලයේ විවිධ මාධ්‍ය ඔස්සේ ඒ ගැන බොහෝ කරුණු දිග හැරී තිබේ.

සුදේවට ට වඩා මාධ්‍යය අධ්‍යක්ෂක ජනරාල් තනතුර දැරීමට සාගරට බොහෝ අත්දැකීම් ඇති බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනා පිළිගන්නා කරුණකි.

ජනාධිපති නිල ඡායාරූප ශිල්පී තනතුරට හා එහි අධ්‍යක්ෂක තනතුරට සාගර පත් වන්නේ ඔහුගේ හැකියාව මතම මිස දේශපාලනිකව නොවේ.

ජනාධිපති තුමාගේ පුද්ගලික ආරාධනාව නිසාවෙන්ම සාගර එය භාරගත් බව මා හොදින් දනිමි.

වාසුදේවගෙන් පසු සුදේව අශීලාචාර වචන භාවිතා කරන්නට ඇත්තේ වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුව තුලදීද අශීලාචාර වචන භාවිතයට ගෙන ඇති නිසාවෙන් විය යුතුය.

සුදේවත් ඉතාම අශීලාචාර වචනයෙන් සාගරට බිනීමට හේතුවන්නට ඇත්තේ ඉහත කී පූර්වාදර්ශයට ද නැතහොත් ඔහුගේ අසික්කිත අසීලාචාර ගතිය හුවා දැක්වීමට ද යන්න ගැන මට තවම සිතා ගැනීමට බැරි ය.

සුදේව ගැන දන්නෝ ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස ප්‍රකාශ කළහොත් අපට ඒ පිළිබඳ යම් විනිශ්චයකට ඒමට හැකිවේවි.

ඒ කෙසේ වෙතත් සාගර වැනි ගුණයහපත් නිහතමානි මනුෂ්‍යයෙකුට කල ඒ අකටයුත්ත අපි තරයේ හෙළා දකිමු. #ජනාධිපතිතුමනි සුදේවලා වැනි අසීලාචාර නිලධාරීන් නිසා ඔබගේ ජනප්‍රිය භාවයට කැලැල් ඇති වෙන වග පමණක් සටහන් කොට තබමි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වී මිල නිසා ගොවියන්ගේ රතු කට්ට පනී
03:38
Video thumbnail
නිදහස් උත්සවයේ සිංහ රුව අයින් කළේ කාගෙන් අහලද? #indipendenceday #npp #jvp
03:25
Video thumbnail
හොරා හොරා - හොරාට හූ කියන්න එපැයි
12:59
Video thumbnail
ලියුම ආවම අපි නිවසෙන් යන්න සූදානම් - නාමල් ආණ්ඩුව හාන්සි වෙන්නම දෙසයි #namal_rajapaksha
05:42
Video thumbnail
ගොවියන්ට සුබ පණිවුඩයක් - වී වලට නියම මිලක්
05:23
Video thumbnail
හදීසියේ හර්ෂ Live එයි - "කරුණාකරලා මේකට අහුවෙන්න එපා"
02:26
Video thumbnail
ධම්මික පෙරේරා නිසා මුජිබර් - වසන්ත ඇරගනී
21:50
Video thumbnail
ලාල් කාන්තලා - වසන්තලා ඉස්සර කිව්ව ඒවා - දැන් ආය ඇහුවොත් රෙදි නැතුව දුවන්න වෙන්නේ
11:01
Video thumbnail
ඔයාලා නීතියට පයින් ගහලා වැඩ කළේ - දැන් රිදෙන්නම පටන්අරන්
15:03
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයට ගෝඨාභය සම්බන්ධයිද? - "ඒක මම දන්නේ නෑ" - ඕන් දැන් දෙන උත්තර
10:49

?