ජනාධිපති මාධ්‍ය ප්‍රධානියා සුදේව හෙට්ටිආරච්චි සදාචාර සම්පන්නද ?

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ධුරය දරන සුදේව හෙට්ටිආරච්චි සම්බන්ධයෙන් මුහුණුපොතේ සටහනක් හුවමාරු වෙමින් තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඔහු ඡායාරූප ශිල්පියෙකුට කළ බැන වැදීමක් සම්බන්ධයෙනුයි..

එම සටහන පහතින්…

ජනාධිපති මාධ්‍ය ප්‍රධානියා සුදේව හෙට්ටිආරච්චි සදාචාර සම්පන්නද ?

ජනාධිපති තුමාට ඉතාම හිතවත් කීප දෙනෙකුගේ ආනුභාවයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත්වූ සුදේව හෙට්ටිආරච්චි අප සහෝදර ඡායාරූප ශිල්පියෙකු වන Sagara Lakmal de Mel මහතාට සදාචාර සම්පන්න නොවන ආකාරයට බැනවැදීම තරයේ හෙලා දකිමු.

දේශපාලනිකව මාධ්‍ය ප්‍රධානියා සුදේව වුවද සුදේව ට වඩා බොහෝ අත්දැකීම් සාගර ලක්මාල්ට ඇති බව අපි බොහෝ දෙනා දනිමු.

රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂක වරයෙක් වශයෙන් බොහෝ කාලයක් සේවය කළ සාගර ලක්මාල් ඉන් සමුගත්තේ ඔහුගේම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම උදෙසායි.

ඉතාමත් සදාචාර සම්පන්න ගුණයහපත් මහත්මයෙක් වන සාගර ලක්මාල් මා හඳුනන්නේ මීට වසර 15 කට පමණ පෙර සිටය.

ඉතාමත්ම නිහතමානි මහත්මා ගති ගුණයන්ගෙන් හෙබි ඔහු ගැන අටුවා ටීකා කීමට අවශ්‍ය නැත. කිසිවකුගේ සිත් රිදවීමට බොහෝ අකමැති ඔහු හැම තිස්සේම සිටින්නේ සිනාමුසු මුහුණකිනි.
සුදේව වැඩ බැරි ටාසන් කෙනෙකු බව මුළු ජාතියටම හඬගා කීවේ අනුරාධපුරයේ පැවති ජනාධිපති තුමාගේ කතාව සජීවීව විකාශය කළ හැටියෙන් මය.

රටේ මුල් පුරවැසියාගේ කතාව යන අතරතුර වඳුරන් ද රිලවුන් ද එතුමාගේ රූපරාමු තුල නටන හැටි අපි හොඳින් දුටුවෙමු.

රටේ ප්‍රධානියා ජාතිය අමතා කරන කතාව අභිමානයෙන් යුතුව කළ යුතු එකකි. එකී අභිමානය ජාතියක් ඉදිරියේම කෙලෙසීම සම්බන්ධයෙන් සුදේව වගකීම භාර ගත යුතුය.

ඔහු වැඩ කළ බොහෝ තැන් වල සේවකයන් හා ගැටුම් ඇති කර ගත් බව අපි බොහෝ දෙනා දනිමු. අන්තර්ජාලයේ විවිධ මාධ්‍ය ඔස්සේ ඒ ගැන බොහෝ කරුණු දිග හැරී තිබේ.

සුදේවට ට වඩා මාධ්‍යය අධ්‍යක්ෂක ජනරාල් තනතුර දැරීමට සාගරට බොහෝ අත්දැකීම් ඇති බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනා පිළිගන්නා කරුණකි.

ජනාධිපති නිල ඡායාරූප ශිල්පී තනතුරට හා එහි අධ්‍යක්ෂක තනතුරට සාගර පත් වන්නේ ඔහුගේ හැකියාව මතම මිස දේශපාලනිකව නොවේ.

ජනාධිපති තුමාගේ පුද්ගලික ආරාධනාව නිසාවෙන්ම සාගර එය භාරගත් බව මා හොදින් දනිමි.

වාසුදේවගෙන් පසු සුදේව අශීලාචාර වචන භාවිතා කරන්නට ඇත්තේ වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුව තුලදීද අශීලාචාර වචන භාවිතයට ගෙන ඇති නිසාවෙන් විය යුතුය.

සුදේවත් ඉතාම අශීලාචාර වචනයෙන් සාගරට බිනීමට හේතුවන්නට ඇත්තේ ඉහත කී පූර්වාදර්ශයට ද නැතහොත් ඔහුගේ අසික්කිත අසීලාචාර ගතිය හුවා දැක්වීමට ද යන්න ගැන මට තවම සිතා ගැනීමට බැරි ය.

සුදේව ගැන දන්නෝ ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස ප්‍රකාශ කළහොත් අපට ඒ පිළිබඳ යම් විනිශ්චයකට ඒමට හැකිවේවි.

ඒ කෙසේ වෙතත් සාගර වැනි ගුණයහපත් නිහතමානි මනුෂ්‍යයෙකුට කල ඒ අකටයුත්ත අපි තරයේ හෙළා දකිමු. #ජනාධිපතිතුමනි සුදේවලා වැනි අසීලාචාර නිලධාරීන් නිසා ඔබගේ ජනප්‍රිය භාවයට කැලැල් ඇති වෙන වග පමණක් සටහන් කොට තබමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55