මේ දිනවල බොහෝ තැන්වලින් අපට අහන්නට ලැබෙන්නේ වෙනදා තරම් ඉන්ධන වලින් වාහනය ගමන් නොකරන බවයි.වෙනදා ෆුල් ටෑන්ක් කරලා කර ගන්න වැඩ දැන් කරන්න බැහැ කියන කථාව බොහෝ දෙනා විසින් පවසන කථාවක්.
අපිත් මේ සම්බන්ධව විමසීම් කිහිපයක් බළධාරීන්ගෙන් කරන්නට උත්සාහ කරත් ඒ සම්බන්ධව සාර්ථක අදහස් දැක්වීම අපට ලැබුනේ නැහැ.
ඒ හේතුවෙන් අපි එදිනෙදා මගතොටේ ගමන් කරන යතුරුපැදි කරුවන් රියදුරන් සමග සුළු අදහස් බෙදා ගැනීමක් කරා.
බොහෝ දෙනාගේ අදහස් වූයෙත් යම් පමනක ඉන්ධන බාල වීම ඔවුන්ට ද දැනෙන බවයි.
එමෙන්ම බොහෝ දෙනා පැවසූයේ ඉන්ධන වල වර්ණයෙ වෙනසක් ද දක්නට ඇති බවයි.
කෙසේ නමුත් මේ සම්බන්ධව විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කිරීමට අපට දැනුමක් නැති හෙයින් ඒ සම්බන්දව අප කරුනු ඉදිරිපත් කරන්නේ නැත.එකම කාරණාව නම් පාරිභෝගිකයන්ට ඉන්ධන සංයුතියේ වෙනසක් දැනෙන බව පමනක් සටහන් කර තබමි.