මාධ්‍යවේදීනියකට වසර 4 ක සිරදඬුවමක්

කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ බව සැලකෙන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය වාර්තා කළ චීන මාධ්‍යවේදිනියකට වසර 4 ක සිරදඩුවමක් අද(28) එරට අධිකරණය විසින් නියම කර ඇත.

37 හැවිරිදි ෂෑන්ග් ෂෑන් නමැති ඇය පසුගිය පෙබරවාරියේ වූහාන් නගරයට ගොස් එහි තත්ත්වය සජීවි ලෙස වාර්තා කළ අතර, ඇගේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය විය.

ඇයට එරෙහිව චීන බලධාරින් එල්ල කරන චෝදනාව වන්නේ ඇය වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජ ගත කර ඇති බවයි.

පසුගිය මැයි 14 වනදා ෂැංහයි නුවරදී චීන බලධාරින් විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

ඇය සිරමැදිරියේදී උපවාසයක ද නිරත වී ඇති අතර බන්ධනාගාර බලධාරින් ඇයට කෘත්‍රිම ලෙස බටයක් යොදා ආහාර ශරීරගත කර ඇත.

මේ වනවිට ඇය දැඩි මානසික පීඩනයකට ද ලක්වී සිටින බව ඇගේ නිීතිඥයා ප්‍රකාශ කර ඇත.

මේ තත්ත්වය යටතේ අධිකරණ විභාගය කල් දමන ලෙස කළ ඉල්ලීම් නොසලකා හැර අද ෂැංහයි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇයව මෙලෙස සිව් වසරක සිරදඬුවමකට යටත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34