spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාධ්‍යවේදීනියකට වසර 4 ක සිරදඬුවමක්

කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ බව සැලකෙන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය වාර්තා කළ චීන මාධ්‍යවේදිනියකට වසර 4 ක සිරදඩුවමක් අද(28) එරට අධිකරණය විසින් නියම කර ඇත.

37 හැවිරිදි ෂෑන්ග් ෂෑන් නමැති ඇය පසුගිය පෙබරවාරියේ වූහාන් නගරයට ගොස් එහි තත්ත්වය සජීවි ලෙස වාර්තා කළ අතර, ඇගේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය විය.

ඇයට එරෙහිව චීන බලධාරින් එල්ල කරන චෝදනාව වන්නේ ඇය වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජ ගත කර ඇති බවයි.

පසුගිය මැයි 14 වනදා ෂැංහයි නුවරදී චීන බලධාරින් විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

ඇය සිරමැදිරියේදී උපවාසයක ද නිරත වී ඇති අතර බන්ධනාගාර බලධාරින් ඇයට කෘත්‍රිම ලෙස බටයක් යොදා ආහාර ශරීරගත කර ඇත.

මේ වනවිට ඇය දැඩි මානසික පීඩනයකට ද ලක්වී සිටින බව ඇගේ නිීතිඥයා ප්‍රකාශ කර ඇත.

මේ තත්ත්වය යටතේ අධිකරණ විභාගය කල් දමන ලෙස කළ ඉල්ලීම් නොසලකා හැර අද ෂැංහයි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇයව මෙලෙස සිව් වසරක සිරදඬුවමකට යටත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?