හරි අසරණයි.. මම සතොසින් බඩු බෙදාහැරපු සැපයුම් නිලධාරියෙක් – හිටපු ජනපති

ජනමත විචාරණයක් පිළිබඳව කථා ඇසෙන බවත් ජනමත විචාරණයක් පවත්වා කාලය දිගු කර ගැනිම කිසි ලෙසකින් වෙන දෙයක් නොවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් හිටපු ජනපතිවරයා මේ බව පැවැසීය. 

“රටම අසරණයි. රටම අවුලක. මේ ලෝකේ දෙයක් දන්නේ නැති අය කියනවා මැතිණිගේ කාලේ වගේ දැන් කන්න නෑ පෝලිම් කියලා. මම මැතිණිගේ කාලේ සතොසින් බඩු බෙදාහරිපු සැපයුම් නිලධාරියෙක්.

මෙහෙම අහේනියක් තිබුණේ නෑ. මෙහෙම කවුරුවත් බඩු ගන්න පෝලීම්වල ඉදලා කුණුහරුප කිව්වේ නෑ. හිතන්න එපා රටක් කරන්න පුළුවන් කියලා තනියෙන් නායකයෙකුට.

ඔහුට හොඳ කණ්ඩායමක් ඉන්න ඕන. මම අවුරුදු 5ක් තනියෙන් ආණ්ඩු කරපු කෙනෙක්. අඩුම තරමේ පාර්ලිමේන්තුවේ මම වෙනුවෙන් කථා කරන්න මන්ත්‍රීවරයෙක් නෑ. ආණ්ඩුවෙත් විපක්ෂයෙත්.

අගමැති නැතිව, ඇමති මණ්ඩලය නැතිව පාර්ලිමේන්තුවේ කිසිම බලයක් මට නැතිව මම අද තියෙන අර්බුදයකට රට දැම්මේ නෑ.

2015 තිබුණටත් වඩා අපේ කාලේ බඩු මිල අඩුවෙන් තිබුණා. ඉතා අමාරුවෙන් රුපියල් දෙකකින් තෙල් මිල වැඩි කළාම පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා කොටුවේ ඉදලා පාර්ලිමේන්තුවට.

ඉතින් ඒ අතරේ මතකනේ අර පොල් බෑය පෙන්නලා අහපු එව්වා, ලූනු ගෙඩිය පෙන්නලා අහපු ඒවා. සැපද සනීපද කියලා ඇහුවා. දැන් රටම අසනීපයි.

ජනාධිපති ඡන්දයට කලින් පොහොට්ටුවේ මහත්වරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටිනාකම තිබුණා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඉහළම නායකයෝ කී දවසක් මාව හමුවුණාද?

වන්, ටූ, ත්‍රී තුන්දෙනා වෙනමම මාව හම්බවුණා ජනාධිපති කාර්යාලයට ඇවිත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව දිනන්න බෑ කියපු අය, ජනාධිපති ඡන්දෙන් පස්සේ පළමු සතියෙම අපේ සන්ධාන ගිවිසුම කඩ කළා.

ඇත්තම කථාව අර කරපිංචා වල කථාවම තමයි. අරගෙන විසි කළා. ජනාධිපති ඡන්දයක් මම දන්න විදිහට එන්නේ නෑ. ඊළඟ ජාතික මැතිවරණයක් ලෙස ස්ථිරවම එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. 

සමහර අය අරහෙන් මෙහන් කියනවා මම අහගෙන ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණ තියලා ආණ්ඩුවේ කල් තියාගන්න ලෑස්ති වෙන්න නම් එපා ඒකනම් කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02
Video thumbnail
බේරුවල ජන රැළියට ආ නයා ගැන දිලිත් කියයි - ගැරඩියෙක් නිසා මම බේරුණා
09:22
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රා. සභාව දැඩි උණුසුම් - දැනුත් හොරා කනවා තමයි - දැනුත් හොරා කනවා
14:01
Video thumbnail
නාමල්ට අද කට උත්තර නෑ - වචනයක්වත් කතා කළේ නෑ
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:14
Video thumbnail
පැය 48ක වැඩ වර්ජනයකට යන්න සැරසෙන දුම්රිය වෘත්තීය සමිති - අපි අපේ බලය පෙන්නන්න සූදානම්
05:45
Video thumbnail
නගරාධිපතිතුමිය එක්ක රවුම් ගහනවා - වෙන මොකුත් දන්නේ නෑ
12:51
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52