හරි අසරණයි.. මම සතොසින් බඩු බෙදාහැරපු සැපයුම් නිලධාරියෙක් – හිටපු ජනපති

ජනමත විචාරණයක් පිළිබඳව කථා ඇසෙන බවත් ජනමත විචාරණයක් පවත්වා කාලය දිගු කර ගැනිම කිසි ලෙසකින් වෙන දෙයක් නොවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් හිටපු ජනපතිවරයා මේ බව පැවැසීය. 

“රටම අසරණයි. රටම අවුලක. මේ ලෝකේ දෙයක් දන්නේ නැති අය කියනවා මැතිණිගේ කාලේ වගේ දැන් කන්න නෑ පෝලිම් කියලා. මම මැතිණිගේ කාලේ සතොසින් බඩු බෙදාහරිපු සැපයුම් නිලධාරියෙක්.

මෙහෙම අහේනියක් තිබුණේ නෑ. මෙහෙම කවුරුවත් බඩු ගන්න පෝලීම්වල ඉදලා කුණුහරුප කිව්වේ නෑ. හිතන්න එපා රටක් කරන්න පුළුවන් කියලා තනියෙන් නායකයෙකුට.

ඔහුට හොඳ කණ්ඩායමක් ඉන්න ඕන. මම අවුරුදු 5ක් තනියෙන් ආණ්ඩු කරපු කෙනෙක්. අඩුම තරමේ පාර්ලිමේන්තුවේ මම වෙනුවෙන් කථා කරන්න මන්ත්‍රීවරයෙක් නෑ. ආණ්ඩුවෙත් විපක්ෂයෙත්.

අගමැති නැතිව, ඇමති මණ්ඩලය නැතිව පාර්ලිමේන්තුවේ කිසිම බලයක් මට නැතිව මම අද තියෙන අර්බුදයකට රට දැම්මේ නෑ.

2015 තිබුණටත් වඩා අපේ කාලේ බඩු මිල අඩුවෙන් තිබුණා. ඉතා අමාරුවෙන් රුපියල් දෙකකින් තෙල් මිල වැඩි කළාම පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා කොටුවේ ඉදලා පාර්ලිමේන්තුවට.

ඉතින් ඒ අතරේ මතකනේ අර පොල් බෑය පෙන්නලා අහපු එව්වා, ලූනු ගෙඩිය පෙන්නලා අහපු ඒවා. සැපද සනීපද කියලා ඇහුවා. දැන් රටම අසනීපයි.

ජනාධිපති ඡන්දයට කලින් පොහොට්ටුවේ මහත්වරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටිනාකම තිබුණා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඉහළම නායකයෝ කී දවසක් මාව හමුවුණාද?

වන්, ටූ, ත්‍රී තුන්දෙනා වෙනමම මාව හම්බවුණා ජනාධිපති කාර්යාලයට ඇවිත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව දිනන්න බෑ කියපු අය, ජනාධිපති ඡන්දෙන් පස්සේ පළමු සතියෙම අපේ සන්ධාන ගිවිසුම කඩ කළා.

ඇත්තම කථාව අර කරපිංචා වල කථාවම තමයි. අරගෙන විසි කළා. ජනාධිපති ඡන්දයක් මම දන්න විදිහට එන්නේ නෑ. ඊළඟ ජාතික මැතිවරණයක් ලෙස ස්ථිරවම එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. 

සමහර අය අරහෙන් මෙහන් කියනවා මම අහගෙන ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණ තියලා ආණ්ඩුවේ කල් තියාගන්න ලෑස්ති වෙන්න නම් එපා ඒකනම් කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09


?