මහින්ද හදිසියේම සමන්තභද්‍ර හිමියන්ගේ උමංදාවට යයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‌මැල්සිරිපුර උමංදාව මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමට ගොස් තිබුණා.

උමංදාව මහා විහාරයට පැමිණි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කතරගම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා විසින් උමංදාව මැණික් වෙහෙර සඳහා නිර්මාණය කළ කොත් වහන්සේ පූජා කරනු ලැබුවා.

2020 ජන්මදින පිංකමට සමගාමීව කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ව සිටි දිල්රුවන් රාජපක්ෂ මහතා විසින් පූජා කළ පහන් 100ට අධික ප්‍රමාණයෙන් නිර්මාණය කළ මෙම කොත් වහන්සේ අඩි සියයකට වඩා උස ප්‍රමාණයකින් යුතු මැණික් වෙහෙරෙහි, ඉදිරීයේදී තැන්පත් කිරීමට නියමිතයි.

එම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
140
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?