‘දැන් සැපද’’ අසා කොට උඩගිය බිස්නස් එක

‘මුදලාලි මොනවද තියෙන අලූත් එළවළු…’’ සිනාමුසු මුහුණින් එළවළු වෙළෙද සැලට ගොඩවූයේ මැදිවිය පසුකර යමින් සිටි මහත්මයෙකි.

‘‘ආ මහත්මයා ඔක්කොම අලූත් එළවළු තමයි. එන්න එන්න’’ මුදලාලිද ගනුදෙනුකාර මහත්මයා පිළිගත්තේ ඒ ආකාරයටය.

අල, ලූනු, අමුමිරිස්, ගෝවා, වැටකොළු, බෝංචි ආදී එළවළු සැලකිය යුතු ප‍්‍රමාණයක් තෝරාගත් ඒ පුද්ගලයා එළවළු තොගය අඩංගු භාජනය වෙළෙ`දසැලේ කොලූවකුට ලබාදී පසෙකට විය.

‘‘සර්… බෝංචි නම් ගණන් ඔක්කොම ටික දාන්නද ’’ කොලූවා ඇසුවේ මුළු එළවළු ප‍්‍රමාණයම එකතුවී ගණන හැදෙන විට කොයි කාටත් තරු පෙනෙන බව දන්නා නිසාය.

කොහොමින් කොහොම හරි ඒ මහත්මයා තෝරාදුන් එළවළු ඉලෙක්ට්‍රොනික තරාදියෙන් බෑග් එකකට දමා කොලූවා ගාණ එකතු කරන මුදලාලි දෙස බලා සිටියේය.

‘‘මහත්මයා ගාන 2750 යි.’’ මුදලාලි බිල්පත ගෙන දික් කළේය.

මුදලාලි ගාන වැරදුනාද? මම ගත්තෙ පොඞ්ඩනෙ’’ මහත්මයා කීවේ නළලත රැළි නැගෙන අතරය.

‘‘අහන්න තියෙන්නෙ දැන් ෂැපද කියලා තමයි’’ මුදලාලි කීවේ සිනාසෙමිනි.

එසැණින් එළවළු මල්ලද දමා ඒ මහත්මයා ආපසු යන්නට හැරුණේ මුහුණ කළු කරගනිමිනි.

‘‘කවුද ඒ මහත්තයා මොකද හොඳටම කේන්ති ගියේ.’’

මුදලාලි එයා තමයි මේ පැත්තේ මන්ත‍්‍රීතුමාගේ පස්සෙන් ගිය පාරවල් හදන කොන්ත‍්‍රාත් මුදලාලි. දැන් ෂැපද කියලා ඇහුවම ඒ මහත්තයට ඌරුජුවල් යනවා. බිස්නස් එක නොකෙරුනත් මුදලාලි බඩ අල්ලන් සිනාසුනේ ‘‘දැන් ෂැපද ’’ නැගලා ගිය නිසාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
95
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෘත්තීය අධ්‍යාපනය ගැන රෝහිනී කට අරියි..NVQ Level 4 කරපු අයට විශ්වවිද්‍යාලයට එන්න ඉඩ දෙන්න
07:57
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
27:16
Video thumbnail
දෙනියායේ දරුවන් අතර පැතිර යන රෝගය ගැන විශේෂ හෙළිදරව්වක්
04:22
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කපිල චන්ද්‍රසේනගේ සිරුර පොලිස් මෘතශරීරාගාරයට රැගෙන ගිය හැටි
05:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ ම#ණය පිටිපස්සේ ඉන්නේ කවුද..?
08:28
Video thumbnail
රාජාංගනේ සද්ධාරතන හිමිව පන්සලටම ඇවිත් අත්අඩංගුවට ගත් හැටි.."ජංගම දුරකථන තියෙනවද ? කෝ දැන්"
00:59
Video thumbnail
ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ නිසල සිරුර නිවසින් රැගෙන ගිය හැටි
01:18
Video thumbnail
කපිලට දැඩි මානසික පීඩාවක් ලබා දීලා ?.. කපිල ගැන පොහොට්ටුවේ රමේෂ් එළියට දාපු දේ..
02:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යෑම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්..නම් එක්ක එළියට දාපු දේ
09:23