AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගේ තීරණය ආණ්ඩුව කළඹයි

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇමති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණයක් ගැන සාකච්ඡා කරන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කළා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශනව ගොසිප් ලංකා නිව්ස් අප සම්බන්ධ කරගත්තා.
මේ ඔහු පලකළ අදහස්..

අබුද්දස්ස කාලෙට ලඹුත් තිත්තයිලු.

ආණ්ඩුවේ ඉන්නවද කියන එක තීරණය වෙන්නේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය මත.
මම හිතන්නේ ජනාධිපතිතුමාට ඕනම ඇමතිවරයෙක් පත් කරන්නයි අස්කරන්නයි දෙකම කරන්න පුළුවන්.
නමුත් කළ යුතුව තිබුණේ ජනාධිපතිතුමා මේ ඇමතිවරයාව ගෙනත් සාකච්ඡා කරලා ඉල්ලා අස්වීම බාරදෙන්න කිව්වනම් මේක ප්‍රජානත්ත්‍රවාදියි.
එතකොට ඇවතිවෙන සිත්තැවුල් අවමයි.
ජනාධිපතිතුමාට ඇමතිවරයා එක්ක වැඩකරන්න බැරිනම් කරන්න තිබුණේ කතා කරලා ඉල්ලා අස්විම දෙන්න කියන එක.


අපි ඇත්තටම විසි එක්වන ශතවර්ෂයේ ඉන්න ආණ්ඩුවක් විදිහට මොන බලතල තිබුණත් බලතල පාවිච්චි කරනකොට ප්‍රජාතන්ත්‍රවාදීව බලතල පාවිච්චි කරන එක වඩා හොදයි කියලයි මට හිතෙන්නේ.
පක්ෂයක් විදිහට තීන්දුවක් ගන්නනම් අපි කතා කළේ නෑ.


පසුගිය කාලය තුල ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන විවිධ විවේචන එල්ල කළා.
ජනතාවගේ නියෝජිතයාගේ විදිහට අපිට වගකීමක් තියෙනවා ඒ පැත්තෙන් කරුණු වාර්තා කරන්න.
මේ වැඩේ අනුමත කරන්න බෑ.. ඇමතිවරයෙක් අස්කරන එක නෙවෙයි කරන්න තිබුණේ..ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යටතේ මේක එච්චර හොද දෙයක් නෙවෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
109
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?