ආණ්ඩුවෙන් ජනතාවට සැලසු සහන මෙන්න

අද දිනයේ සිට සෑම මසකම රජයේ සේවකයි සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම සියලු රජයේ විශ්‍රාමිකයින් සඳහා ද රුපියල් 5000ක දීමනාවක් ලබාදෙන බවයි මුදල අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මිට අමතරව සමෘද්ධි ලාභීන්ට ලබාදෙන රුපියල් රු.3500 දීමනාව සඳහා ද තවත් රුපියල් 1000ක අතිරේක මුදලක් ලබාදීමට යෝජනා කර ඇති බවයි මුදල් ඇමතිවරයා සඳහන් කලේ.

ආබාධිත දීමනා ලබන සෙබළුන් සඳහා ද මෙම රුපියල් 5000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය යෝජනා කර ඇති බවයි මුදල් ඇමතිවරයා සඳහන් කළේ.

මිට අමතරව වතුකරයේ සිටින සෑම පවුලක් සඳහා රුපියල් 80ක සහන මිලකට තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15ක් මාසිකව ලබාදීමට ද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. මේ සඳහා සුදුසුකම් ලබන්නේ සේවක නියුක්ති භාරකාර අරමුදලේ සමාජිකත්වය දරනු ලබන වතුකම්කරුවන් පමණක් බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ.

වී ගොවිතැන් සිදුකරන ගොවීන්ට පොහොර හේතුවෙන් ඇතිවිය හැකි අස්වැන්න පාඩුව හේතුවෙන් ඉදිරියේදී වී කිලෝවක් රුපියල් 75ක මුදලකට මිලදී ගැනීමට තීරණය කර ඇති බව පැවසූ මුදල් ඇමතිවරයා එමගින් ඔවුන්ට අස්වැන්න පාඩුවක් සිදුවුවහොත් එයින් ඇතිවන පාඩුව මගහැරෙන බවද සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16