AFC Banner
Empty Ad
Empty Ad

ජපානයේ සහ ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථාවන්..

මේ වසරේදී මෙරට ශ්‍රමිකයන් සඳහා පවතින විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීමට නව ගිවිසුම් කිහිපයකට එළඹ ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය කියා සිටියේ ජපානයේ සහ ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථාවන්ද ඊට ඇතුළත් වන බවයි.

එමෙන්ම රැකියා සඳහා විදෙස් ගත වීමේදී සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගන්නා ලෙස ද එම කාර්යාංශය ජනතාවට දැනුම් දෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය වැඩිදුරටත් කියා සිටියේ එලෙස ලියාපදිංචිය ලබා ගැනීමකින් තොරව විදෙස් ගත වී විදේශයකදී යම් අපහසුතාවයකට පත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පවතින හැකියාව සීමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?