සරත් – සරත් හමුව – නුදුටු ඡායාරූප මෙන්න

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට එම දේහය තැන්පත් කර ඇති කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවට බොහෝ පිරිසක් අද එක්වුණා.

 

දේහයට අද උදෑසන අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද හමුදා ප්‍රධානීන් රැසක් ද අවසන් ගෞරව දැක්වූවා.

ඔවුන් අතර බුද්ධංගල ආනන්ද හිමියන්ගේ සොහොයුරා වන අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර සමඟ පාර්ලිමේන්තුවේ දී බරපතළ වාග් සංග්‍රාමයන්ට පැටලෙන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද දක්නට ලැබුණා.

 අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු හෙට දින පස්වරුවේ අම්පාරේ දී සිදු කිරීමට නියමිත අතර දේහය අද පස්වරුවේ ගුවනින් අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කරවීමට නියමිත යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
101
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?