AFC Banner
Empty Ad
Empty Ad

රනිල් ඒක කලේ මාව විනාශ කරන්න : මත්තල ගුවන් තොටුපොළ සම්පතක් – විපක්ෂ නායක

මත්තල ගුවන් තොටුපොළ හම්බන්තොටට ලැබුණ සම්පතක් බවත් එහි වී ගබඩා කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ තමන්ව විනාශ කිරීමට බවත් සමගි ජනබලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ඊයේ (28) හම්බන්තොටදී පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

“මම කවදාවත් එයාපෝට් එකේ ගිහින් වී ගබඩා කරන්නේ නෑ. ඒ සංකල්පය මගේ නෑ. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ මාව විනාශ කරන්න. ඇත්තම කථාව. පැහැදිලිවම මත්තල ගුවන් තොටුපොළ අපේ ප්‍රදේශයට ලැබුණ සම්පතක්. රස්සා බිහිකරන ගුවන් තොටුපොළක් බවට අපි පත්කරනවා.

මම පැහැදිලිව පොරොන්දුවක් දෙනවා පැහැදිලිවම කිසිම තැනක කිසිම වෙලාවක හොරුන්ට, මංකොල්ලකරුවන්ට, දූෂිතයන්ට, මිනී මරුවන්ට මගේ ආණ්ඩුවක් තුළ ඉඩ නෑ. අපේ රජයක් තුළ හොර ඩීලුත් නෑ. හොරුත් එක්ක ඩීලුත් නෑ.’විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?