විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවයි

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයෙකු වන රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබෙනවා.

දැනට සිදු කරන විමර්ශනයකට අදාළව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බැංකු ගිණුම් අත්හිටුවීමට අදාළ නිල දැනුම්දීමේ ලිපිය භාරදීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) රකිත රාජපක්ෂ නිවසට ගොස් ඇති නමුත් ඔහු නිවසේ සිට නොමැති බවයි වාර්තා වන්නේ.