සිරමැදිරියේ තරුණයෙක් මියයාමේ සිද්ධියට හෝමාගම Crime OIC රිමාන්ඩ්

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (29) දින අධිකරණ වෛද්‍ය නිලධාරීයා හමුවට යොමු කිරිමෙන් පසු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරුණා.