උඩු ගුවනේදී ලෙඩවූ “ගුවන් සමාගම” ගැන තීරණයක් ගනියි

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවා සිදු කරන ” සකුරා ඒවියේෂන් ” සමාගමේ බලපත්‍රය පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නියෝග කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටිනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ අදාළ ගුවන් සේවා සමාගමේ ගුවන් යානා දෙකක සිදුවූ හදිසි කාර්මික දෝෂ සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක කිරීමට තමන් නියෝග කළ බවයි.

සකුරා ඒවීයේෂන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යාන දෙකක් සතියක පමණ කාලය තුලදී උඩු ගුවනේදී කාර්මික දෝෂයන්ට ලක්වීමෙන් හදිසි ගොඩබෑමේ සිදුවීම් වාර්තා විය.

ඉන් පළමු සිදුවීම ඉකුත් 22 වෙනිදා බේරුවල ප්‍රදේශයේදී සහ අනෙක් සිදුවීම අද දිනයේදී මිගමුව, කිඹුලාපිටිය ප්‍රදේශයේ දී වාර්තා විය.

අද දිනයේදී විදෙස් සංචාරකයින් යුවලක් රැගත් සකුරා ඒවීයේෂන් සමාගමට අයත් “සෙස්නා ” වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් රත්මලානේ සිට සිගිරියට ගොස් එහි සිට නැවත කොග්ගල ප්‍රදේශය බලා යමින් සිටියදී හදිසි කාර්මික දෝෂයකට ලක්වීමෙන් මීගමුව, කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙල්යායකට ගොඩබාන ලදී.

මෙම සිදුවීමෙන් එම ගුවන් යානයේ නියමුවරයා, නියමුවරිය ඇතුළු විදෙස් ජාතික යුවල සුළු තුවාල ලබා මිගමුව රෝහලට ඇතුලත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33