සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා අත්හිටුවයි

සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පැවසුවේ ඒ අනුව නැවත දැනුම්දෙන තුරු එම සමාගම විසින් යොදාගෙන තිබූ සියලු ගුවන් ගමන් අහ්තිටුවන බවය.