රටේ ජනතාව ලිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දරෙන් දැවෙනවා – විපක්ෂ නායක සජිත් පවසයි (VIDEO)

අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බව පැවසූ විපක්ෂ නායකතුමා නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් බවත්, අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බව ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” දෙවැනි දිනය ආරම්භ කළේ අම්බලන්තොට නගරයේ ජනතාව හමුවට යමිනි. නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ” පවුල් පාලනය රටේ විනාශය” කැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.

මහ බැංකු අධිපතිවරයා ඩොලර් මාෆියාවේ කප්පිත්තෙකු බව පැවසූ විපක්ෂ නායකතුමා ඔහු මේ රටේ සියලු පුරවැසියන් සමගත්, අපනයනකරුවන් සමගත් සෙල්ලම් කරමින් සිටින බව පැවසීය.

රටේ ආර්ථිකය විනාශ කරන්නට මුලපිරූ පුද්ගලයකු ඉල්ලා අස් වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා පොහොට්ටු ආර්ථික විනාශයේ මහ මොළකරු ඔහු බවද පැවසීය. කෙසේ වෙතත් මේ රටේ ආර්ථිකය විනාශ කිරීමේ කිරීමේ වරදෙහි වග උත්තරකාරකමෙන් ඔවුන්ට නිදහස් වී යාමට නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටට මෙතරම් සාපයක් ගෙනආ මැති ඇමතිවරුන්ට ජනතාව අතරට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10