ජනපති ලේකම් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි : ඊලඟ ලේකම් ගැනත් ඉඟියක්

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බව අද පළවූ ජාතික පුවත්පත් දෙකකින් වාර්තා කර තිබෙනවා.

ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දරට ​​ඉල්ලා අස්වන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් ද විරෝධය පළ වීමත් සමඟ ඔහු සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මේ අතර, ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර විසින් භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන ඇති බව “The Morning” පුවත්පත වාර්තා කර ඇත.

එම ඉල්ලා අස්වීමේ ලිපිය පිටු තුන හතරක පමණ දිගකින් යුක්ත වන අතර පි.බි ජයසුන්දර එම තනතුරේ සිටි කාලය තුළ මුහුණ දුන් බාධා පිළිබඳ විස්තර ඇතුළත් බවයි වාර්තා වන්නේ.

පි.බි. ජයසුන්දරගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවහොත් ඔහු 2022 මුල් සතියේදී ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවද වාර්තා වන්නේ.

යම් හෙයකින් ජනාධිපති ලේකම්වරයා ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ගාමිණී සෙනරත් හෝ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත්කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45
Video thumbnail
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඕනෑම ආපදාවකට සූදානම් - ත්‍රිවිධ හමුදාව යොදවලා තියෙන්නේ
04:51
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59