AFC Banner
Empty Ad
Empty Ad

මැටි විස්කෝතු කන හයිටිය…

රසවත් ආහාරවලින් පිරි වර්තමාන ලෝකයේ මැටියෙන් සාදන ආහාර පරිභෝජනය කරන ජන කොටස් සිටින බව ඔබට විශ්වාස කිරීමටත් අපහසු වනු ඇත. කෙසේ නමුත් උතුරු ඇමෙරිකා මහද්වීපයේ කැරිබියන් මුහුදට ආසන්නයේ පිහිටි හයිටි රාජ්‍යයේ ජනතාව, විශේෂයෙන් ම කාන්තාවන් මැටියෙන් සාදන විස්කෝතු වර්ගයක් ආහාරයට ගනී.

හයිටි රාජ්‍යය කෙසේ සැලකෙන්නේ අමෙරිකානු මහද්වීපවල පිහිටි දිළිඳු බවින් වැඩිම රටක් වශයෙනි. දූෂණ සහ අක්‍රමිකතා, දේශපාලන අස්ථාවරභාවය, නොදියුණු යටිතල පහසුකම්, සංවර්ධනය නොවූ අධ්‍යාපන පද්ධතිය වැනි කරුණු හයිටි රාජ්‍යය එවැනි දිළිඳු තත්ත්වයකට ඇද දැමීමට බලපෑ ප්‍රධාන සාධක වේ.

ආහාරයට ගත හැකි මැටි විශේෂයක් සහ එළවළු මේදය යොදා ගෙන සාදන මෙම විස්කෝතු සාම්ප්‍රදායයික වශයෙන් හයිටි ජනතාව, විශේෂයෙන් ම ගර්භනී කාන්තාවන් ආහාරයට ගනී. ඒවා ආහාරයට ගැනීමෙන් ගර්භනී කාන්තාවන්ට අවශ්‍ය කැල්සියම් සංඝටක ලැබෙන බව ඔවුන්ගේ විශ්වාසය යි.

කෙසේ වෙතත් වර්තමානය වන විට ගර්භනී කාන්තාවන් පමණක් නොව සියලු ම හයිටි ජනකොටස් මෙම විස්කෝතු ආහාරයට ගැනීම සඳහා යොමු වී තිබෙයි. ඊට ප්‍රධානත ම හේතුවක් ලෙස සැලකෙන්නේ හයිටි රාජ්‍යයේ දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල ගණන් සහ පහළ බසින ජනතාවගේ ආදායම යි.

සම්ප්‍රදායයික වශයෙන් ගර්භනී කාන්තාවන්ප රිභෝජනය කළ මෙම විස්කෝතු විශේෂය මේ වන විට සියලු දෙනා අතර ජනප්‍රිය ආහාරයක් බවට පත්ව ඇති නිසා ඒ සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින වැඩි වෙමින් පවතී. වර්තමානයේ දී විස්කෝතු සියයකින් පමණ යුතු ඇසුරුමක් අමෙරිකන් ඩොලර් පහක් වැනි මුදලක් වෙයි. කෙසේ වෙතත් අවාසනාවන්ත කරුණ නම් දෛනිකව ඩොලර් දෙකක් වැනි ඉතා සුළු ආදායමක් උපයන බොහෝ පවුල් ජිවත් වන හයිටි රාජ්‍යයේ මෙම මැටි විස්කෝතු ඇසුරුමක් මිල දී ගැනීමට හෝ බොහෝ දෙනකුට හැකියාවක් නොමැති වීම යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් - "සංචාරක ව්‍යාපාරය පොළවටම හාන්සි උනා" #dilithjayaweera #npp
02:32
Video thumbnail
ආරුගම්බේ සිද්ධියට දුක්වුණ තිස්ස - මාලිමා ආණ්ඩුවට තිස්සගෙන් සැර පිළිතුරු
02:14
Video thumbnail
පර්යේෂණ යනවා - එකින් එක එළියට එයි
03:53
Video thumbnail
මුජිබර්ගෙන් ඇඟ කිළිපොලා යන කතාවක් - ලංකාව ඊශ්‍රායල් මධ්‍යස්ථනයක් වෙන්නයි යන්නේ
08:59
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නොමැති බව රොෂාන් රනසිංහ අවිවාදයෙන් පිළිගනී #dilithjayaweera
02:34
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නෑ #short #viralshorts #dilithjayaweera #1millionviews
00:16
Video thumbnail
දිලිත් ජයවීර විපක්ෂ නායක කරන්න ජනතාව සූධානම්#dilithjayaweera
05:41
Video thumbnail
කාදිනල් හිමිට ඇඩ්‍රස් නැතිවෙන් දුන්න උපදෙස #kardinal #pasku #akd #npp
17:16
Video thumbnail
වැටුපක් නොමැතිව රට ගොඩගන්න එන රතන හිමි -මේ රට කොයි පැත්තට යයිද කියලා හිතාගන්න බෑ
03:03
Video thumbnail
අරුගම්බේ සිද්ධිය ගැන විජිත හේරත් හදිසියේ මාද්‍යට කළ ප්‍රකාශය #arugambe #vijithaherath #npp
01:12

?