මැටි විස්කෝතු කන හයිටිය…

රසවත් ආහාරවලින් පිරි වර්තමාන ලෝකයේ මැටියෙන් සාදන ආහාර පරිභෝජනය කරන ජන කොටස් සිටින බව ඔබට විශ්වාස කිරීමටත් අපහසු වනු ඇත. කෙසේ නමුත් උතුරු ඇමෙරිකා මහද්වීපයේ කැරිබියන් මුහුදට ආසන්නයේ පිහිටි හයිටි රාජ්‍යයේ ජනතාව, විශේෂයෙන් ම කාන්තාවන් මැටියෙන් සාදන විස්කෝතු වර්ගයක් ආහාරයට ගනී.

හයිටි රාජ්‍යය කෙසේ සැලකෙන්නේ අමෙරිකානු මහද්වීපවල පිහිටි දිළිඳු බවින් වැඩිම රටක් වශයෙනි. දූෂණ සහ අක්‍රමිකතා, දේශපාලන අස්ථාවරභාවය, නොදියුණු යටිතල පහසුකම්, සංවර්ධනය නොවූ අධ්‍යාපන පද්ධතිය වැනි කරුණු හයිටි රාජ්‍යය එවැනි දිළිඳු තත්ත්වයකට ඇද දැමීමට බලපෑ ප්‍රධාන සාධක වේ.

ආහාරයට ගත හැකි මැටි විශේෂයක් සහ එළවළු මේදය යොදා ගෙන සාදන මෙම විස්කෝතු සාම්ප්‍රදායයික වශයෙන් හයිටි ජනතාව, විශේෂයෙන් ම ගර්භනී කාන්තාවන් ආහාරයට ගනී. ඒවා ආහාරයට ගැනීමෙන් ගර්භනී කාන්තාවන්ට අවශ්‍ය කැල්සියම් සංඝටක ලැබෙන බව ඔවුන්ගේ විශ්වාසය යි.

කෙසේ වෙතත් වර්තමානය වන විට ගර්භනී කාන්තාවන් පමණක් නොව සියලු ම හයිටි ජනකොටස් මෙම විස්කෝතු ආහාරයට ගැනීම සඳහා යොමු වී තිබෙයි. ඊට ප්‍රධානත ම හේතුවක් ලෙස සැලකෙන්නේ හයිටි රාජ්‍යයේ දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල ගණන් සහ පහළ බසින ජනතාවගේ ආදායම යි.

සම්ප්‍රදායයික වශයෙන් ගර්භනී කාන්තාවන්ප රිභෝජනය කළ මෙම විස්කෝතු විශේෂය මේ වන විට සියලු දෙනා අතර ජනප්‍රිය ආහාරයක් බවට පත්ව ඇති නිසා ඒ සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින වැඩි වෙමින් පවතී. වර්තමානයේ දී විස්කෝතු සියයකින් පමණ යුතු ඇසුරුමක් අමෙරිකන් ඩොලර් පහක් වැනි මුදලක් වෙයි. කෙසේ වෙතත් අවාසනාවන්ත කරුණ නම් දෛනිකව ඩොලර් දෙකක් වැනි ඉතා සුළු ආදායමක් උපයන බොහෝ පවුල් ජිවත් වන හයිටි රාජ්‍යයේ මෙම මැටි විස්කෝතු ඇසුරුමක් මිල දී ගැනීමට හෝ බොහෝ දෙනකුට හැකියාවක් නොමැති වීම යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51