ඩුබායි එන්න බෑ කියු නිසා ගෝලයන් ලවා මරවන්න හැදූ ගයනි

ඒ පසුගිය මාසයේ (නොවැම්බර් 21) වැනි දින රාත්‍රීයයි. එදින රාත්‍රී දහය පමණ වන විට මොරයුමුල්ලේ පදිංචි ගයනි හොඳින් ඇඳ පැළඳ නිවසින් පිටවුනේ සැමියාට රහසින්. රාත්‍රී දහයට පමණ ආසන්න වෙද්දි ඇය පානදුර මහනාම පාසල අසළ සිටියා. ඒ සිය අනියම් පුරුෂයා වන සළිඳු මල්ෂිතගේ පණිවුඩයක් අනුවයි.

ඔහු සිටින්නේ ඩුබායි කීවාට ඇත්තටම ඔහු ඉන්නා තැන දන්නේ ඔහුම පමණයි. නමුත් ඩුබායි එන ලෙස ඇයටත් දිගින් දිගටම ඇරයුම් ලැබුණු. දරු දෙන්නෙකුගේ මවක් වන ඇය ඊට එකඟ වූයේ නැහැ. කෙසේ වෙතත් සළිඳු ඇයට විය පැහැදම් කළා. ඒ අතර ඇයට අයිස් මත්ද්‍රව්‍ය ද ලබා දුන්නා. ඇය මේ මහනාම අසළට එන්නෙත් අයිස් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. මේ ගමනට ඇය දන්නා අඳුනන පිරිමි ළමයෙකුත් එකතු වී සිටියා. දුලාන් නම් වූ ඔහු ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක්. දෙදෙනා පානදුර ගියේ කුලියට ගත් ත්‍රී රෝද රථයකිනුයි. එය පදවන්නේ මැදිවිය එළඹ සිටින රියදුරෙක්. එම ස්ථානයට ගිය ඇය ත්‍රී රෝද රිය නවතා එයින් බැස සළිඳු කී ස්ථානයට යන අතර රථය මාර්ගය අසළ නවතා තිබුණා.  ඇය රියදුරාටත් තනියට පැමිණි දුලාන්ටත් පවසා තිබුණේ තමන් පැමිණෙනතුරු එම ස්ථානයේම සිටින ලෙසයි. වේලාව රාත්‍රී දහය පසුවී විනාඩි හතරක් ගත වෙනවාත් සමඟ ඇය අසළ යතුරුපැදියක් නතර කෙරුණා. එහි සිටි දෙදෙනාම කළු ජැකට් පැළඳ සිටියා. එහෙත් මේ ඉන්නේ ඇගේ පරණ පෙම්වතාගේ ගෝලයන් විය යුතු බව වටහා ගන්නට ඇයට කල් ගත වූයේ නැහැ. ඒ පෙම්වතාගේ ගෝලබාලයන් ගැන පෙර කාලයේ හොදින් දැන සිටි නිසයි. 

තව මොහොතෙන් තම අතට එන පාර්සලය ගැන සිතන ගයනි දුටුවේ යතුරුපැදියේ පිටුපස අසුනේ පැමිණි අය ඉන් බැස තමන් අසළට එන අයුරුයි. ඔහුගේ ගමන සුහදශීලි එකක් නොවන බව ඇයට වැටහුණා. ඒ ඇසිල්ලේ ඇගේ නෙත ගැටුණේ එම පුද්ගලයා කඩුවක් වැනි තියුණු ආයුධයක් අමෝරාගෙන තමා වෙත කඩා පනින අයුරුයි. 

දුටු දෙයින් භීතියට පත් වූ නමුත් ඇයට කරකියාගත දෙයක් තිබුණේ නැහැ. මේ කඩුකාරයාගෙන් මිදී පලා යාමට ඇය උත්සහ කළා. කෙසේ වෙතත් කඩුකාරයා ඇයට පහර දුන්නා. මේ බව දුටු ත්‍රීවිල් රියදුරු පලා යන අතර සහායට ආ තරුණයා පහරදීම සිදුවන තැනට පැමිණියා. එක පිට එල්ල වූ ප්‍රහාරවලින් අඩපණ වූ ගීතිකා ව රෝහලට ගෙන යාමට මිතුරා කටයුතු කළා. ඒ සඳහා වාහනයක් සොයා ගැනීමටද ඔහුට අපහසු වුණා. ඒ තමන් පැමිණි රථය පලා ගිය නිසාත් රාත්‍රීය බැවින් වාහන අඩු නිසාත් ය. පානදුර රෝහලට ඇතුළත් කෙරුණු ඇගේ තත්ත්වය බරපතල වුණා. මූලික ප්‍රතිකාර සඳහා ඇයව කොළඹ ජාතික රෝහලට යැව්වේ ඉන් පසුවයි.  මේ සිද්ධිය ගැන විමර්ශන ඇරඹූ පානදුර දකුණ පොලිසිය මුලින්ම අල්ලා ගන්නේ ගයනි සමඟ දුලාන්වයි. ඒ වන විට තවත් තරුණයෙකු අත්අඩංගුවට පත් ව සිටි අතර ඔහු ඩිලාන් සමීර නොහොත් අබ්බා යි.  

“…මම ගියේ අයිස් ටිකක් එයාගෙන් ඉල්ලගන්න… ඒක ආවේ ක්ෂණයකින් ! එකපාරම මට කඩු පාරක් වැදුණා..!!“  ගයනිට පහර දෙන්න ආ යතුරු පැදිය පැදවූයේ මේ අබ්බා යි.  අබ්බා පැවසුවේ තමන් මෙයට සම්බන්ධ නැති බවයි.  ඔහු එලෙස කීවද දුලාන්ගේ කට උත්තරයත් පොලිසියේ සැකයත් නිසා මොහු ප්‍රධාන සැකකරුවෙකු ලෙස හඳුනා ගැණුනා.  මොහු අත්අඩංගුවට ගත්තේ පානදුර දීයි. ඒ ලැබුණු තොරතුරකට අනුවයි. එම තොරතුර වූයේ මොහු ගයනිගේ දුක සැප සොයා බැලීම සඳහා කොළඹ ජාතික රෝහලට යාමට සුදානම්ව සිටින බවටයි.  මොහුගේ අරමුණ වූයේ ඇගේ සුවදුක් විමසීමට වඩා වටපිටාව සොයා බැලීමයි.  එනම් ඇය පොලීසියට පවසා ඇත්තේ මොනවාද ආදිය යන්නයි.  

වර්තමානයේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන ලාබාලතමයා වන්නේ සළිඳු මල්ෂිතයි. එහු තවමත් 26 වැනි වියෙ පසුවන විවාහකයෙක්.  මේ වන විට මොහු විදෙස්ගතව සිටින්නේ ඒ කසාදයත් අතහර දමමින්.  මත්ද්‍රව්‍ය නිසාම මොහු ගයනි සමඟ අනියම් ඇසුරක පැටලෙන්නේ මත්ද්‍රව්‍ය නිසාමයි. ඒ 2019 වර්ෂයේදීයි. මොරටුව එගොඩ උයනේ පදිංචි ගයනි හොඳ අධ්‍යාපනයක් ලැබූ රූමත් කාන්තාවක්. ඇය උසස් පෙළ ද සමත්ව සිටින අතර ධර්මාචාර විභාගයෙන් දෙවැනි තැනට පත්ව තිබුණා.  එතරම් දැන උගත්කම් තිබුණත් ඇය විවාහ වී සිටියේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු සමඟයි. ඇය සළිඳු හඳුනාගන්නෙද සැමියා හරහායි.  පසුව ඇය සළිඳුගේ අනියම් බිරිඳ බවට පත් වනවා සේම මත්ද්‍රව්‍ය ජාවාරමේ සාමාජිකාවක් ද වුණා. ඇයට දෙවැනි දරුවා ලැබෙන්නෙ ඔය අතරයි.  ඒ දරුවාගේ පිය උරුමයට අයිතිකම් කියන්න සළිඳු ඉදිරිපත් වුවත් ඇය කියන්නේ දරුවා තම නීත්‍යානූකූල සැමියාගේ බවයි. දරුවා සෙවීමට ඩීඑන්ඒ පරික්ෂණයක් සිදු කළද ඒ බව සනාථ වී නැහැ. ඒ අනුව වැටහෙන දේ සළිඳුට දරුවෙකු ගේ අවශ්‍යතාවය තදින්ම දැනී ඇති බවයි.  මෙසේ ජාවාරමේ යෙදී සිටියදී ඇය අයිස් පානයට ද ඇබ්බැහි වූවා. ඒ නිසා ඇය මේ ජාවාරමේ නිරත වූ අතර මත්ද්‍රව්‍ය සමඟ වරෙක මොරටුව පොලීසියට ද කොටු වුණා.  මත්ද්‍රව්‍ය ජාවාරම් කරගෙන ගිය සළිඳු පළමු වරට ඝාතනයක් කරන්නේ මේ වර්ෂයේ ජනවාරි මස 25 වැනිදා පානදුරදීයි.  ත්‍රීවිල් රථයකින් ගමන් කරමින් සිටි අයෙකු ඉලක්ක කොට තැබූ වෙඩිල්ලෙන් වෙඩි කෑමට ලක් වූ අය එතැනම මිය ගියා.  පොලිසිය සළිඳු ගැන සොයද්දි ආරංචි වූයේ ඔහු මව්පියන් ද සමඟ ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇති බවයි.  ඝාතනය සිදුවූයේ මත්ද්‍රව්‍ය නිසා බව පසුව තහවුරු වුණා. ඔහු එලෙස රටින් පිටවූයේ අනියම් බිරිඳටත් ඒ සඳහා ඇරයුම් කරමිනුයි. සළිඳුගේ දෙවැනි ඝාතනය සිදුවන්නේ එම වසරේ මැද භාගයේදීයි. සළිඳුගේ නිවසේ දොර ජනේල සොරකම් කර වරදටයි ඔහුව මරා දමන්නේ. මේ ඝාතනයට සළිඳුගේ ගෝල බාලයින් පස් දෙනෙකු සහභාගී වී තිබෙනවා.

ඩුබායි ඉන්න සළිඳුගේ හොඳම ගෝලයා අබ්බායි. ඔහු ගයනිට පහර දීමේ වගකීම අබ්බාට පවරන්නෙ ඒ නිසයි.

එහෙත් අබ්බා පවසන්නේ තමා ගයනි සමඟ පෙමින් වෙළි සිටි බැවින් ඇයට කරදරයක් කිරීමට වුවමනාවක් නොමැති වූ බවයි. සීසීටීවී දර්ශන අනුව ගයනිට කපා කොටන්නට උත්සාහ ගන්නේ ඇයව මරාදමන්නට තරම් තදින් නොවන බවට පැහැදිලි වනවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?