ජනපතිගේ සහභාගිත්වයෙන් සැමරූ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77වන සැමරුම අද (23) පෙරවරුවේ කටුනායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන්තවයෙන් සමරනු ලැබුවා.

දෙවන ලෝක යුද සමයෙන් පසු 1944 වසරේ දී එනම් මීට වසර 77කට පෙර රටවල් 26ක එකතුවෙන් ගුවන් ගමන් නියාමනය සහ සම්බන්ධීකරණය සඳහා චිකාගෝ සම්මුතිය අත්සන් තැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) ආරම්භ කෙරිණ. 1948 ජුනි මස 01 වන දින
ශ්‍රී ලංකාවට එම සංවිධානයේ සාමාජිකත්වය හිමි වූ අතර මේ වන විට එහි සාමාජික රටවල් සංඛ්‍යාව 193කි.

1912 වසරේ දෙසැම්බර් 07 වන දින ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසයට නව සනිටුහනක් එක් කරමින් දේශීය ප්‍රථම ගුවන් ගමන කොළඹ තුරඟ තරග පිටියේ දී සිදු විය. මෙම සිදුවීම් සිහිපත් කරමින් සෑම වසරකම දෙසැම්බර් මස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය සමරනු ලබනවා.

උත්සවය භූමියට පැමිණි ජනාධිපතිතුමා ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සමග සුහද කතාබහක නිරත වීමෙන් අනතුරුව සිවිල් ගුවන් සේවා කටයුතු ආශ්‍රිතව නව නිර්මාණකරුවන් ඉදිරිපත් කළ ප්‍රදර්ශනය නැරඹීය. චිත්‍ර ශිල්පී රවීන්ද්‍ර දිසානායක කළ නිර්මාණයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා.

“ගුවන් සේවා ඉතිහාසය හා ගමන් මඟ”, “සිවිල් ගුවන් සේවා නියාමන කාර්යභාරය සහ කොවිඩ් – 19 හමුවේ සිවිල් ගුවන් සේවාව ඉටුකළ මෙහෙවර” සහ සිවිල් ගුවන් සේවා ප්‍රවර්ධනය අලළා කෙටි වීඩියෝ දර්ශන තුනක් සැමරුම වෙනුවෙන් නිර්මාණය කර තිබුණා.

සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ උන්නතියට දැක්වූ දායකත්වය අගයමින් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් පස්දෙනෙකුට, කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා තිබූ කාලපරිච්ජේදය තුළ අන්තර්ජාලය ඔස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සංවිධානය කළ තරඟයකින් ජයග්‍රහණය කළ සිසුන් දහසක් සංකේතවත් කරමින් තිදෙනෙකුට සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ තවත් කිහිපදෙනෙකුට සම්මාන ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමුණා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා විසින් ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් සමරු තිළිණයක් පිරිනමණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32