සරුංගලයෙන් අහසට ඇදී ගිය මනෝහරන් කියූ දේ

පුද්ගලයෙකු විශාල සරුංගලයක් සමග අඩි 40ක් පමණ අහසට ඇදීගිය අහඹු සිදුවීමක් යාපනය, පේදුරුතුඩුව, පුලෝලි ප්‍රදේශයෙන් වාර්තා වුණා. ප්‍රදේශවාසීන් පැවසුවේ විශාල සරුංගලයක් උඩ යැවීමට පිරිසක් උත්සහ කිරීමේ දී අදාල අහඹුව සිදුව ඇති බවයි.

සරුංගලය ඉහළ යැවීමේ දී එම පුද්ගලයා සරුංගලයේ ලණුව අතහැර නොමැති අතර, එනිසා එලෙස ඉහළට ඇදීගොස් ඇති බවත්, අනතුරුව සංරුංගලය පහළට පැමිණීමේ දී පොළොවේ සිට අඩි 15ක පමණ උසක දී ඔහු බිමට පැන ඇති බවත් ප්‍රදේශවාසීහු පැවසූවේ.

සරුංගලය ඉහළ යවන්නට යොදාගත් ලණුව ඝනකම්, ශක්තිමත් ලණුවක්වීම හේතුවෙන්, අදාල පුද්ගලයා එලෙස ලණුව නොකැඩී ඉහළ යන්නට ඇති බව විශ්වාස කෙරේ.

සරුංගලයේ ලණුව අතහැර බිමට වැටුණු අවස්ථාවේ ඔහුට සුළු තුවාල සිදුව ඇති නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ද ප්‍රදේශවාසීහු සඳහන් කර සිටියේ.

සිදුවීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසියෙන් විමසූ අවස්ථාවේ ඔවුන් විසින් ද සිදුවීම තහවුරු කර සිටියා.

සිද්ධියට මුහුණදුන් විසිහත් හැවිරිදි නඩරාසා මනෝහරන් සිය අත්දැකීම මෙලෙස බෙදා ගනු ලැබුවා.

“මම සරුංගල් අරින්න නිතරම යන්නේ නෑ. මම කඩේක වැඩ කරන්නේ. එදා නිවාඩු දවසක් නිසා මම තරුණ කට්ටියක් එක්ක සරුංගල් අරින්න ගියා. සරුංගල් අරින්න තරුණ කට්ටිය 30ක් විතර එකතුවෙලා හිටියා.”

“අපි ලොකු සරුංගලයක් ලණු කැරලි එකතු කරලා හදපු කඹේකින් ඉහළ යවන්න තමයි සූදානම් වුණේ. සරුංගලේ ලණුවේ මැද හරියට වෙන්න තමයි මම හිටියේ. සරුංගලේ උඩ යවන්න අපි ගොඩාක් උත්සහ කළා. ඒ වේලාවේ සරුංගලේ උඩ ගියා. සරුංගලේ අඩි 50ක් විතර උඩ යනකාට සරුංගලේ ලණුවේ මුල හිටපු අය ලණුව අතෑරියා. මම සරුංගලේ ලණුව මැද අල්ලගෙන හිටපු නිසා තව ටිකක් සරුංගලේ උඩ ගියාට පස්සේ තමයි ලණුව අතාරින්න හිටියේ.”

“ඒත් එක්කම සරුංගලේ එක පාරටම උඩ ගියා. මට හිතාගන්න බැරි වුණා මොකද කරන්නේ කියලා. බිම හිටපු අය කිව්වා ලණුව අතාරින්න එපා කියලා. මම අඩි 100ක් 120ක් විතර උඩ හිටියේ කියලා මට දැණුනා. මට කිසි දෙයක් හිතාගන්න බැරිවුණා. සිහි නැතිවෙලා වගේ දැණුනා.”

“මම අහසේ ඉන්නකොට හිතුණා දෙයියෝ මාව බේරගනියි කියලා. මගේ විශ්වාසය අනුව දෙයියෝ මාව බේරගත්තා. උඩ ඉන්නකොට දෙපාරක්, තුන්පාරක් විතර හයියෙන් හුළං හැමුවා. මම ලණුව අතහැරියේ නෑ. බිම බැලුවෙත් නෑ. බිම බැලුවානම් බයටම මගේ අත අතෑරෙන්න තිබ්බා. ඒත් මම බිම බැලුවේ නෑ. ඒත් ලණුව ටිකක් පාත් වෙනකොටම ලණුව අල්ලගෙන ඉන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒ හින්දා මම ලණුව අතෑරියා. බිමට වැටෙනකොට මට පොඩි තුවාලයක් වුණා. ඊට පස්සේ ඒකට බෙහෙත් ගත්තා. ඒ අත්දැකීම මතක් වෙනකොටත් හිතට බයක් දැනෙනවා,” මනෝහරන් අප හා ප්‍රකාශ කළේ ය.

පුලෝලි ප්‍රදේශවාසීන් පවසන්නේ සරුංගලයක එල්ලි පුද්ගලයෙකු ඉහළ ගිය සිදුවීමක් මෙරටින් වාර්තා වුණ පළමු අවස්ථාව මෙය විය හැකිබව යි. මේ සරුංගලය අඩි පහළොවක් පමණ උස, අඩි අටක් පමණ පළල එකක්.

සෑම වසරකම යාපනය වැල්වැටිතුරෙයි වෙරළ ප්‍රදේශයේ දී සරුංගල් වසන්තයක් පැවැත්වීමට උතුරු පළාතේ තරුණ ප්‍රජාව කටයුතු කරයි.

හින්දු ජනතාවගේ සංස්කෘතික මංගල්ලයක් වන තෛපොංගල් සැමරීම සිදුවන කාලය තුළ අදාල සරුංගල් වසන්තය සෑම වසරක දීම පැවැත්වීම යාපනයේ සාම්ප්‍රදාය යි.

(උපුටා ගැනීම : BBC සිංහල වෙබ් අඩවියෙන්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12