පොල් ගෙඩි දෙකක් හොරකම් කළා කියලා නිරුවත් කරලා පහරදුන්නා

පසුගියදා නාත්තන්ඩිය, හැවන වතුයායේ පොල්ගෙඩි දෙකක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයකු නිරුවත් කර රහසඟට මිරිස් කුඩු දමා කරට ලීයක් තබා බැඳ පහරදීම සම්බන්ධ සිද්ධියට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් 20 වැනිදා දහවල් එම වතුයායේ ගේට්ටුව අසල පුවරු රැගත් පිරිසක් නිහඬ විරෝධතාවයක නිරත වූහ.

එක්තරා ආගමික සංවිධානයකට අයත් එම වතුයායේ, වතු අධිකාරිවරයා, මුරකරුවන් සහ ක්ෂේත‍්‍ර නිලධාරියකු එක්ව ඉකුත් මැයි මාසයේ සිදු කළ මෙම පහරදීම සම්බන්ධව පහරකෑමට ලක්වූ පුද්ගලයා 2021- 11- 13 වැනිදා කොළඹ පොලිස් සහන මැදිරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර මාරවිල පොලිසිය ඒ පිළිබඳව පසුව විමර්ශනයක් සිදුකර තිබුණි.

සිද්ධියට සම්බන්ධ සැකකාර වතු අධිකාරිවරයා වන හැවන, පල්ලිය වත්තේ පදිංචි රුමේෂ් ප‍්‍රියන්ත ද සිල්වා සහ ක්ෂේත‍්‍ර නිලධාරියකු වන ඩබ්ලිව්. ඒ. සුගතවංශ යන අය මාරවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඉකුත් 24 වැනිදා මාරවිල උසාවියට ඉදිරිපත් කර තිබූ අතර මාරවිල දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා ඔවුන්ට ඇප නියම කර තිබුණි.

මේ සම්බන්ධව පහරකෑමට ලක්වූ පැමිණිලිකරු වන සුරංග ලක්මාල් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොශාන්ති ප‍්‍රනාන්දු මහත්මිය සහ සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා පැවසූයේ පහර කෑමට ලක් වූ පුද්ගලයා වන්දි මුදලක් ලබා ගැනීමට එකඟ වූ බවය.

ඒත් 20 වැනිදා පැවැති විරෝධතාවයේදී ඔහු පවසා සිටියේ තමන්ට රුපියල් විසිපන්දහසක් දීමට යෝජනා කළත් ඊට තමන් එකඟ නොවූ බවය. මොහු දෙදරු පියකු වන අතර මව සහ දරුවන් දෙදෙනා සිටින නිවසට සිද්ධිය වීමෙන් පසු නිරුවතින් මොහු පැමිණි බව ඔහුගේ මව මෙහිදී පැවසුවාය. මොහු නිරුවත් කර පහර දීම පිළිබඳව වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?