පොල් ගෙඩි දෙකක් හොරකම් කළා කියලා නිරුවත් කරලා පහරදුන්නා

පසුගියදා නාත්තන්ඩිය, හැවන වතුයායේ පොල්ගෙඩි දෙකක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයකු නිරුවත් කර රහසඟට මිරිස් කුඩු දමා කරට ලීයක් තබා බැඳ පහරදීම සම්බන්ධ සිද්ධියට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් 20 වැනිදා දහවල් එම වතුයායේ ගේට්ටුව අසල පුවරු රැගත් පිරිසක් නිහඬ විරෝධතාවයක නිරත වූහ.

එක්තරා ආගමික සංවිධානයකට අයත් එම වතුයායේ, වතු අධිකාරිවරයා, මුරකරුවන් සහ ක්ෂේත‍්‍ර නිලධාරියකු එක්ව ඉකුත් මැයි මාසයේ සිදු කළ මෙම පහරදීම සම්බන්ධව පහරකෑමට ලක්වූ පුද්ගලයා 2021- 11- 13 වැනිදා කොළඹ පොලිස් සහන මැදිරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර මාරවිල පොලිසිය ඒ පිළිබඳව පසුව විමර්ශනයක් සිදුකර තිබුණි.

සිද්ධියට සම්බන්ධ සැකකාර වතු අධිකාරිවරයා වන හැවන, පල්ලිය වත්තේ පදිංචි රුමේෂ් ප‍්‍රියන්ත ද සිල්වා සහ ක්ෂේත‍්‍ර නිලධාරියකු වන ඩබ්ලිව්. ඒ. සුගතවංශ යන අය මාරවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඉකුත් 24 වැනිදා මාරවිල උසාවියට ඉදිරිපත් කර තිබූ අතර මාරවිල දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා ඔවුන්ට ඇප නියම කර තිබුණි.

මේ සම්බන්ධව පහරකෑමට ලක්වූ පැමිණිලිකරු වන සුරංග ලක්මාල් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොශාන්ති ප‍්‍රනාන්දු මහත්මිය සහ සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා පැවසූයේ පහර කෑමට ලක් වූ පුද්ගලයා වන්දි මුදලක් ලබා ගැනීමට එකඟ වූ බවය.

ඒත් 20 වැනිදා පැවැති විරෝධතාවයේදී ඔහු පවසා සිටියේ තමන්ට රුපියල් විසිපන්දහසක් දීමට යෝජනා කළත් ඊට තමන් එකඟ නොවූ බවය. මොහු දෙදරු පියකු වන අතර මව සහ දරුවන් දෙදෙනා සිටින නිවසට සිද්ධිය වීමෙන් පසු නිරුවතින් මොහු පැමිණි බව ඔහුගේ මව මෙහිදී පැවසුවාය. මොහු නිරුවත් කර පහර දීම පිළිබඳව වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48