ගෑස් නිසා තංගල්ලේ තවත් විශාල විනාශයක්

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (දෙසැ.6) අලුයම 12.30ට පමණ ගිනිගෙන විනාශ වී තිබේ.

මෙම ධීවර යාත්‍රාව ඉකුත් 4 වන දා වරායට පැමිණ ඇති අතර ධීවර යාත්‍රාව තුළ තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් එමගින් ගින්නක් හටගෙන ඇතැයි ධීවරයෝ පවසති.

මෙලෙස ගිනිගෙන විනාශ වී ඇත්තේ, කුඩාවැල්ල ධීවර වරායට අයත් “ජයනෙතු නෙතූෂ” නම් බහුදින ධීවර යාත්‍රාවක් බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

එම ධීවර යාත්‍රාවේ ගින්න පැතිරීමෙන් අසල තිබූ තවත් බහුදින ධීවර යාත්‍රාවකට හානි සිදු වී තිබේ.

ගින්න හටගන්නා අවස්ථාවේදී යාත්‍රාවේ මුරකරු එහි සිට ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ, හිස් ගෑස් සිලින්ඩර දෙකක් සහ අඩක් පමණක් ගෑස් තිබූ සිලින්ඩරයක් එම යාත්‍රාව තුළ තිබූ බව ය.

තමන් යාත්‍රාව පිරිසිදු කරමින් සිටියදී ගෑස් සිලින්ඩරයක් එකවර ම පුපුරා ගිය බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයන් සහ තංගල්ල නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගින්න නිවා දැමීමට කටයුතු කළ ද ගින්නෙන් යාත්‍රාවට දැඩි ලෙස හානි සිදු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23